ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල, නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු සහ විනිමය අනුපාත ඉහළ යාම හේතුවෙන් මතුව ඇති අමතර පිරිවැය පියවා ගැනීම සඳහා ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කළ බව එම සමාගමේ අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා පවසයි.
මෙම මිල සංශෝධනය හරහා සමාගම කිසිදු අමතර ලාභයක් අපේක්ෂා නොකරන බවත්, පාරිභෝගිකයන් අපහසුතාවට පත් කිරීමේ අරමුණක් නොමැති බවත් ඒ මහතා අවධාරණය කරයි.
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සමාගමක් ලෙස කොටස් හිමියන්ට මෙන්ම ණය ලබා දී ඇති බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලටද සමාගම වගකීමට බැඳී සිටින බැවින් පාඩු ලබන මිලකට ගෑස් අලෙවි කිරීමේ හැකියාවක් නොමැති බව කුරුකුලසූරිය මහතා පෙන්වා දෙයි.
කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක පිරිවැය ඉහළ ගිය ආකාරය:
සෞදි අරාම්කෝ (Saudi Aramco) සමාගම මාසිකව ප්‍රකාශයට පත් කරන ගෑස් මිල සහ ලෝකයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් එක් සිලින්ඩරයකට අමතරව එකතු වී ඇති පිරිවැය පහත පරිදි වේ:
- ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම: රුපියල් 706.00
- නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම: රුපියල් 417.00
- විනිමය අනුපාත වෙනස්වීම: රුපියල් 299.00
- 18% වැට් (VAT) බදු මුදල: රුපියල් 256.00
- බැංකු ණය සහ ණයවර ලිපි (LC) මූල්‍ය පිරිවැය: රුපියල් 90.00
- මුළු අමතර පිරිවැය: රුපියල් 1,769.00 (සමාගම විසින් ඉහළ දමා ඇති මිල රුපියල් 1,775.00 කි)

මාස 5කට පෙර අතුරුදන් වූ 15 හැවිරිදි දැරිය, මාස 2ක බිළිඳියක සමඟ මීමුරේ ගල් ගුහාවකින් හමුවෙයි
කලක් නිහඬව සිටි කාංචන විජේසේකර යළි සිය හඬ අවදි කරයි
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
කළුතර අවන්හල් හිමිකරු සහ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට
නුවරඑළියේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක්
කොටස් වෙළෙඳපොළේ ආයෝජනයට පාසල් සිසුන්ට රු. 10,000ක වවුචරයක්! අවශ්‍ය සුදුසුකම් මෙන්න!
නොවැම්බර් 19 වැනිදා දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන විශේෂ වැඩසටහන
විදුහල්පති සේවයේ වැටුප් විෂමතා පිළිබඳව සාකච්ඡාවක්
අද කාලගුණ නිවේදනය
ශිරාන් බාසික්ගේ සුපිරි තෙමහල් තෙමල් නිවසක් තහනම් කෙරේ
නවසීලන්තය හමුවේ ඉන්දියාවට අන්ත පරාජයක්! ශ්‍රී ලංකා වාර්තාව අසලටම නවසීලන්තය එයි!
පාසල් සිසුන්ට සහ දෙමාපියන්ට සහනයක්! ලබන මාසයේ සිට අභ්‍යාස පොත්වල මිලෙහි දැනෙන වෙනසක්!