Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නවසීලන්තය හමුවේ ඉන්දියාවට අන්ත පරාජයක්! ශ්‍රී ලංකා වාර්තාව අසලටම නවසීලන්තය එයි!

15 minutes ago

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති 4 වන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 244ක වාර්තාගත ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ (නොවැම්බර් 13) සමත් විය. මෙය ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ ලකුණු පරතරය අනුව ඉන්දියාව ලැබූ දෙවන විශාලතම පරාජය ලෙස වාර්තා පොත් අතරට එක්විය.

මවුන්ට් මවුන්ගනුයි (Mount Maunganui) හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 333ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ප්‍රබල ඉන්දීය පිතිකරණ බලඇණියට නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 26.4කදී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 89ක් පමණි. ඉන්දීය ඉනිම සුණුවිසුණු කළ වේගපන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි (Matt Henry) ලකුණු 27කට කඩුලු 6ක් දවා ගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය.

ඉන්දීය ඉනිමේ ප්‍රබල පිතිකරුවන් වූ රෝහිත් ශර්මා, විරාට් කෝලි සහ ශ්‍රෙයාස් අයියර් ලකුණු නොලබාම දැවී ගිය අතර, පිතිකරුවන් සිව්දෙනෙකුටම ලකුණු 5 සීමාව පසු කිරීමට නොහැකි විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඉෂාන් කිෂාන් ලකුණු 27ක් රැස් කළේය.

මෙය ජාත්‍යන්තර එක්දින පිටියේ ඉන්දියාව දැවීගිය 6වන අඩුම ලකුණු සංඛ්‍යා වේ. 2000 වසරේදී ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 54කට සීමාවීම තවමත් ඔවුන් දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *