අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධ දේශපාලනඥයෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවකට අදාළ අධිචෝදනා පත්‍රයේ සඳහන් බැංකු ගිණුම තමන්ගේ එකක් නොවන බවත්, ඒ හා සම්බන්ධයෙන් තමන්ව ඉලක්ක කරගනිමින් ව්‍යාජ පුවත් පලකළ පිරිස්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් රංගන ශිල්පිනී රීතූ ආකර්ෂා පවසනවා.
ඇය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ නිල නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ පවරා ඇති HCB 387/25 නඩුවට අදාළ අධිචෝදනා පත්‍රයේ, DFCC බැංකුවේ අංක 027104000818 දරන ගිණුමට 2010 සිට 2012 දක්වා කාලය තුළ මුදල් බැර කිරීම සම්බන්ධයෙන් තමාට චෝදනාවක් ඇතුළත් කර තිබෙන අතර, එම ගිණුම ‘රිතූ ආකර්ෂා’ නමින් පවතින බව කියමින්, මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා මඟින් තමාගේ ඡායාරූප සහ නම භාවිත කරමින් අදාළ ගනුදෙනුවට තමා සම්බන්ධ බවට මතයක් ගොඩනැඟීමට කටයුතු කර තිබූ බවද ඇය පෙන්වා දී තිබෙනවා.
එහෙත්, DFCC බැංකුවේ කිසිදු ගිණුමක් තමන් සතුව නොමැති බවත්, අධිචෝදනා පත්‍රයේ සඳහන් අංක 027104000818 දරන ගිණුම ද තමන්ගේ එකක් නොවන බවත්, තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවද ඇය සඳහන් කරනවා.
තවද, අදාළ සිදුවීම සිදුවූවා යැයි කියන 2010-2012 කාලසීමාව තුළ තමන් පාසල් ශිෂ්‍යාවක්ව සිටි බව ද ඇය පෙන්වා දී තිබෙනවා.
තමන්ගේ ප්‍රතිරූපයට සහ වෘත්තීමය කීර්තියට හානි කරමින් මෙලෙස අසත්‍ය හා ව්‍යාජ පුවත් ප්‍රචාරය කළ පුවත්පත්, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ගිණුම් හිමියන්ට එරෙහිව මේ වන විටත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, ඉදිරියටත් මෙවැනි ව්‍යාජ තොරතුරු පලකරන ඕනෑම අයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කරනවා.
DFCC බැංකුව විසින් ලබාදුන් නිල ලිපිය ද ඇය විසින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ඉදිරිපත් කර තිබෙනවා.


ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද රාත්‍රියේ
මාඔයේ ගිලී අතුරුදන් වූ සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ මළසිරුරු හමුවෙයි
රුමේෂ් තරංග ක්‍රීඩාවට සමුදෙන දිනය
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් හරහා නිල් වරෙන්තු
ගුරු විභාගයට පෙනී සිටි අයට විශේෂ දැනුම්දීමක්
අද සිට කාලගුණයේ වෙනසක්
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100%ක තීරුබදු
සෞදියේදී මරණ දඬුවම නියම වූ ලාංකික තරුණයාගේ මව හඬා වැළපෙමින් කළ ඉල්ලීම (වීඩියෝ)
රටම කම්පා කළ රිය අනතුරින් විදුහල්පතිට දිවි අහිමි වෙයි
කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්