Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සති දෙකකට වඩා කැස්ස පවතිනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමුවන්න! විශේෂඥ වෛද්‍යවරියකගෙන් අනතුරු ඇඟවීමක්!

3 hours ago

සති දෙකකට වඩා කැස්ස පවතිනවා නම් ස්වසනරෝග සම්බන්ධයෙන් දැනුම්ලත් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගැනීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය යමුනා රාජපක්ෂ මහත්මිය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකදී වෛද්‍යවරිය මේ බව පැහැදිලි කළාය.

ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ කහින විටදී සෙම සමඟ රුධිරය ගෑවී යාම හෝ සම්පූර්ණයෙන්ම රුධිරය පහවීමක් සිදුවවහොත් වහාම වෛද්‍ය ප්‍රථිකාර ලබා ගැනීමට යොමු විය යුතු බවය.

“ප්‍රථමයෙන්ම අපිට තියෙන ප්‍රධාන රෝග ලක්ෂණයක් තමයි කැස්ස. දුම්පානය කරන හැමෝටම කැස්ස සහ සෙම පිටවෙන කැස්ස වගේ දේවල් තියෙනවා. හැබැයි මේ කැස්ස හැමදාම පවතින්නේ නැහැ.

ප්‍රධාන වශයෙන් ගත්තොත් හැමෝටම සති දෙකකට වඩා කැස්සක් පවතිනවා නම් ඒක යම්කිසි විදියකින් පරීක්ෂා කරලා බලාගන්න ඕනේ මොකක් නිසාද කියලා. ඇදුම රෝගය වගේ දේවල් වලටත් කැස්ස සුළු සුළු වශයෙන් තියෙනවා. නමුත් තමන්ට කරදරකාරී කැස්සක්, සෙමත් සමඟ පවතින කැස්සක් සති දෙකකට වඩා තියෙනවා නම් ඒක පරීක්ෂා කරගන්න ඕනේ.

විශේෂයෙන්ම දුම්පානය කරන අයගේ විතරක් නෙමෙයි, ඕනෑම කෙනෙකුගේ කැස්සක් සමඟ රුධිරය පිට වුනොත් (සෙම සමඟ රුධිරය ගෑවී යාම හෝ සම්පූර්ණයෙන්ම ලේ පහවීම) වහාම ශ්වසන රෝග වෛද්‍යවරයෙක් ළඟට පැමිණිය යුතුයි. හැම පළාතකම ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සහ රජයේ සායන පවතින නිසා, එවැනි ස්ථානයකට ගිහිල්ලා වෛද්‍යවරයෙක් හමුවී එක්ස්-රේ (X-ray) එකක් වගේ පරීක්ෂණයක් කරගත යුතුයි.”

රුධිරය පිටවීමක් සිදුනොවුණත්, සති දෙකකට වඩා කැස්සක් පවතින විට සැලකිලිමත් විය යුතු අනතුරුදායක ලක්ෂණ කිහිපයක් තිබේ.

ඇඟ කෙට්ටුවීම – කිසිදු උත්සාහයකින් තොරව හදිසියේ සිරුර කෙට්ටු වීම.

කෑම අරුචිය – කෑම අරුචියක් සමඟ සිරුර කෙට්ටු වීමක් තමන්ට හෝ පවුලේ අයෙකුට දැනේ නම්.

පපුවේ වේදනාව – පෙනහලු පිළිකාවක ලක්ෂණයක් ලෙස පපුවේ එක එක තැන්වල වේදනාවන් හටගැනීම. පෙනහලු පිළිකාවක් පර්යන්තයේ  පිහිටා උරස් කුහරයට පැතිරී ගිය විටෙක මෙලෙස වේදනාවන් ඇතිවිය හැක.

කෙසේ වෙතත්, එවැනි වේදනාවන් සැමවිටම බරපතල තත්ත්වයන් නොවී මාංශ පේශිවල ගැටළු වගේ දේවල් ද විය හැකිය. එම නිසා ඒ ගැන කලබල නොවී, පවුලේ වෛද්‍යවරයෙක් වෙත ගොස් ඒ ගැන විමසා බැලීම වැදගත් වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *