ගාලු මුවදොර විරෝධතා ස්ථානයේ සහ ඊට ආසන්න ප්‍රදේශවල නීථියට පටහැනිව රැඳී සිටින සියලුම පුද්ගලයන් වෙත පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද සවස පොලිසිය මගින් මෙම නිවේදනය ඔවුන් වෙත සිදු කළ බවයි.
මෙමගින් ප්‍රකාශ කර ඇත්තේ ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ රජයට හෝ නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමි කොටසේ අනවසරයෙන් කරන ලද ඉදි කිරීම් හා භෝග වගා කිරීම් වහාම ඉවත් කරගන්නා ලෙසටයි.
එමෙන්ම මහජනයාගේ අද්‍රව්‍යමය අයිතිවාසිකම් අහිමි කිරීම වහාම නවතාලන ලෙසට ද එමගින් දැනුම්දී තිබෙනවා.
මෙම ඉවත් කර ගැනීම් සිදු කිරීමට ලබන 5 වනදා සවස 5ට පෙර අනිවාර්යයෙන් පියවර ගත යුතු බවටයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.
එමෙන්ම රටේ පවතින නීතියට අනුකූලව හා මහජනයාට පීඩාකාරී නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බවට ද පොලිසිය අවධාරණය කරනවා.
මෙම උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයන් සම්බන්ධයෙන් නිත්‍යානුකූල පියවර ගන්නා බවයි කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා දන්වා ඇත්තේ.
NEXT : රවී කරුණානායක ගුවනින් මන්නාරමට!

වෙබ් සංස්කාරකවරුන්ගේ සිට වේශ නිරූපණ ශිල්පීන් දක්වා පොලිසියේ රැකියා අවස්ථා! නවතම රැකියා අවස්ථා මෙන්න!
දෙහිවල නිසල සෙවණේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තියා ඇත්තේ ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවකට?
සියලුම බස් රථ වලට පැනවූ අලුත්ම නීතිය
ජනපති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අතර හමුවක්
මගේ පුතාට තියෙන චෝදනාවලට කිසිම සාක්ෂියක් නැහැ – ශාන්ත බණ්ඩාර
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර
අග්රභාර රක්ෂණ භාර අරමුදලෙන් නිවේදනයක්
RMV හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
රොෂාන් ධම්මික මීටර් 110 කඩුලු ඉසව්වේ අවසන් තරගයට
රන් මිලෙහි ක්ෂණික ඉහළ යාමක්
මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි