දිවයිනට පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි මන්ත්‍රීවරුන් පිරිසක් කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව හරහා පත් කළ මන්ත්‍රීවරයෙකු ඉවත් කර ඒ වෙනුවට ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පත් කිරීමේ සූදනමකින් ඔවුන් පසුවන බවයි වාර්තා වන්නේ.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රීනී සීතා අරඹේපොළ මහත්මිය පවසන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වන්නට සූදානම් බවයි.
කෙසේ නමුත් හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමේ බලාපොරොත්තුවක් නොමැති බවයි ඇය පවසන්නේ.
ඒ මහතා පාර්ලිමේන්තු එන කථාව සමාජ මාධ්‍ය විසින් පළ කරන ලද බොරුවක් විය යුතු බව එතුමිය වැඩිදුරටත් පවසා සිටියාය.

සරණගේ නඩුවල තීන්දු කල්යයි
රජයේ විශ්‍රාම වැටුප් නැති අයටත් විශ්‍රාම වැටුප් ගන්න අවස්ථාවක්
සටන් විරාමය අස්ථාවර කරමින් ඇමෙරිකාවෙන් දකුණු ඉරානයට ප්‍රහාර
හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි තීරණාත්මක නඩු තීන්දු හතරක් අද
මෙනින්ජිටිස් ව්‍යාප්තිය පාලනයට වසංගත රෝග විද්‍යායතනයෙන් විශේෂ උපදෙස් මාලාවක්
ගුරු පත්වීම් ගැන විශේෂ සාකච්ඡාවක් අද
රැවටෙන්න එපා! ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලයි!
පොලී අනුපාතික ඉහළ දැමීමට මහ බැකුවෙන් තීරණයක්
අපනයන ආදායමේ සීඝ්‍ර වර්ධනයක්
උතුරේ දන්සල් පැවැත්වීමේ තහනමක්? පළ වූ පුවත ගැන ආණ්ඩුකාරවරයාගෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා එක්දින (ODI) සහ විස්සයි විස්ස කණ්ඩායම්වල වෙනසක්
විමල්ගේ බිරිඳගේ නඩුවට අධිකරණය දුන් නියෝගය