වල්අලි පාරේ සිටින බැවින් විදුහල්පතිවරයාගේ උපකාරක පන්තියට සහභාගි වීමට අපහසු යැයි කී සිසුවකුට පහර දී පාසලෙන් එළවා දමා ඇති බවට එම දරුවාගේ පියා ළමාරක්ෂණ අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙලෙස පහර දී දරුවාට පාසලට නොපැමිණෙන ලෙස පවසා ඇත්තේ ඇහැටුවැව ඇඹෝගම රාහුල විද්‍යාලයේ විදුහල්පතිවරයාය.
අලුයම හයේ සිට හතයි තිහ දක්වා රුපියල් 2500ක මුදලක් අයකර මෙම උපකාරක පන්තිය පාසල තුළම පවත්වා ඇත. මෙය වන අලි බහුල ප්රදේශයකි.
පාරේ අලි ගැවසෙන හෙයින් පැමිණීමට අපහසු බව පවසා මෙම දරුවා මුදල් පමණක් විදුහල්පතිවරයාට ලබාදී පන්තියට සහභාගි වී නොමැත.
එයට කිපුණු විදුහල්පතිවරයා මෙලෙස දින හතරක් පාසලට පැමිණි සිසුවාට පහර දී තිබේ. තමාට පහර දීමට තැත් කළ මෙම දරුවා පාසලෙහි තබාගැනීමට නොහැකි නිසා වෙනත් පාසලකට ඇතුළත් කරගන්නා ලෙස විදුහල්පතිවරයා දෙමව්පියන්ට පවසා ඇත.
ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා, ග්‍රාම නිලධාරී ඇතුළු පිරිසක් විදුහල්පතිවරයාට මෙලෙස කටයුතු නොකරන ලෙස ඉල්ලා ඇතත් ඒ කිසිවක් ඔහු ගණනකට ගෙන නැතැයි පැවසේ.
මෙම විදුහල්පතිවරයා මීට පෙරද දරුවන්ට අමානුෂික අයුරින් පහරදීම් සම්බන්ධයෙන් චෝදනා 15ක් පමණ එල්ල වූ අයකු බව මහව කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීහු පවසති. මෙම විදුහලටද ස්ථාන මාරු එවා ඇත්තේ පහරදීමක් සම්බන්ධව චෝදනාවකට බවද පැවසේ.
හිංසනයට පත් දරුවා සංගීත අංශයේ පැවැත්වූ තරගවලින් සමස්ත ලංකා තරගවලට තේරීපත් වුවද ඇඳුම් මැසීමට යැයි පවසා රුපියල් 2500ක මුදලක් ගෙන තරගවලට සහභාගි නොකර ඇති බවද වාර්තා වී ඇත.
මේ සම්බන්ධව මහව කලාප අධ්‍යාපන අධ්යක්ෂ බන්දුලානී බස්නායකගෙන් විමසූ අවස්ථාවේදී ප්‍රකාශ කළේ තමන් එවැනි දෙයක් පිළිබඳව දැනුවත්ව නොමැති බවකි.
එහෙත් දෙමව්පියන් පවසන්නේ කලාප අධ්‍යක්ෂවරිය හමුවට ගොස් සිදුවීම ප්‍රකාශ කළද ඇයද පවසා ඇත්තේ වෙනත් පාසලක් තෝරාගෙන ඉවත්ව යන ලෙසටයි.
මේ සම්බන්ධව ළමාරක්ෂණ අධිකාරියේ සභාපති කථිකාචාර්ය උදය කුමාරගෙන් විමසූ අවස්ථාවේදී ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් සොයා බලා විධිමත් ලෙස කටයුතු කිරීමට නියෝග ලබාදුන් බවකි.
(හේමන්ත ලියනපතිරණ)
NEXT :

හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි
දිවයිනේ වැඩිම වැස්ස නාවලපිටියෙන්
වහලය මත සවිකරන සූර්යය පැනල සඳහා වන සීමා ඉවත්කිරීමට සැලසුම්
සැප්තැම්බර් අග සිදුවන ඉන්ධන මිල සංශෝධනය ගැන ඇමතිගෙන් ඉඟියක්
මොකක්ද මේ ඕස්ට්‍රේලියානුවන් හොයාගෙන එන ලාංකිකයෙකුට පේටන්ට් අයිතිය හිමි විශිෂ්ට පොහොර තාක්ෂණය ?
සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං පහසුකම්
අද පොතක් එළි දක්වා හිරගෙට යෑමට සැරසෙන ඤාණසාර හිමි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ක්‍රිකට් රන් පදක්කම අභියසට
ක්‍රිකට් අතුරු කමිටුවේ තීරණයට එරෙහිව මිලියන 75ක වන්දි ඉල්ලා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වාණිජ මහාධිකරණය හමුවට
අද ලොකු වැස්සක්
පොලිස් සේවයට සමුදෙන අජිත් රෝහණට පොලිස්පතිගෙන් සුබපැතුම්