කල්පිටිය කන්ද කුලිය මුහුදු තීරයෙන් මින් පෙර කල්පිටිය සයුරේ දී හමු නොවූ මිය ගිය මුහුදු ක්ෂීරපායී පැටවකුගේ දේහයක් අද (17) උදෑසන හමු වූ බව කල්පිටිය වන ජීවී කාර්යාලය පවසයි.
අඩි දෙකක පමණ දිගින් යුතු මෙම ජීවීයාගේ දේහය මුහුදේ පාවෙමින් තිබිය දී දැක ඇත.
කල්පිටිය වන ජීවී අඩවි ආරක්ෂක උපාලි කුමාරතුංග මහතාගෙන් කළ විමසීමේ දී ඒ මහතා පැවසුවේ, මෙම මුහුදු ක්ෂීරපායි සත්ත්වයා ඩොල්පින් හා තල්මස් සත්ත්වයන් අතර අතර මැදි ලක්ෂණ පිළිඹිබු කරන බවය.
මෙම මත්ස්‍ය ප්‍රභේදය හදුනාගෙන නොමැති හෙයින් වැඩිදුර අධ්‍යනයකින් පසුව තොරතුරු අණාවරණය කළ හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
මෙම මත්ස්‍යා මා දැලක පැටලීමෙන් මිය යාමට ඇතැයි අනුමාන කරන අතර,මෘත දේහය පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව ඇත.
