Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නරුම පුතුගේ පොලු පහරින් පියා මරුට

4 years ago

බදුල්ල වේවැස්ස තේ වත්තේ දී ඊයේ (26) සවස 6.00 ට පමණ මුගුරකින් පහරදී 60 හැවිරිදි තම පියා ඝාතනය කළේයැයි සැකපිට ඔහුගේ 35 හැවිරිදි පුතා අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය  පවසයි.

කම්කරු නිවාසය ඉදිරියේ මිදුලේදී මෙම පහරදීම සිදුව ඇති අතර පහරකෑමට ලක්වූ පුද්ගලයා එම  ස්ථානයේදීම මියගොස් තිබේ .

සැකකරු නිවස අසල කුඩාමඩුවක සිටියදී ඊයේ දිනම අත්අඩංගුවට ගත් අතර ඔහු  කථන  හා මානසික ආබාධ සහිත පුද්ගලයෙක් බව විමර්ශන වලදි අනාවරණය වූ බව පොලිසිය පවසයි.

සැකකරු වියරු ලෙසින් හැසිරෙද්දි පවුලේ සෙසු සාමාජිකයන් නිවසින් එලියට දිවගොස් බේරි ඇති නමුත් මරණකරු මෙම ඛේදවචාකයට ගොදුරුව තිබේ.

මියගිය පුද්ගලයා මෙම වත්තේම (වේවැස්ස ) අනියම් කම්කරුවෙකු ලෙස රැකියාව කරන පස් දරු පියෙකි

බදුල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත බදුල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි. මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *