මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ජනතාව නොමග යවන බවත් ඔහුව ඉදිරියේදී හමුවන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
ඔහු පිළිබඳවත් ඔහු කළ ප්‍රකාශ පිළිබඳවත් තමන්ට පැමිණිලි ලැබී ඇති බවත් පනත අනුව බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් ජනපතිවරයා සඳහන් කළේය.
“මේකෙ බලය තියෙන්නේ කැබිනට් එකටයි ඇමතිතුමාටයි. මමයි මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත හැදුවේ. එහි බලතල මම දන්නවා. මේක තියෙන්නේ මගේ අමාත්‍යාංශය යටතේ.
මම දන්නේ නෑ ඇයි ජනතාව නොමග යවන්නේ කියලා. මේ සභාපතිතුමාව හමුවෙන්න තියෙනවා. මට දැන් එතුමා ගැනත් කරපු ප්‍රකාශ ගැනත් පැමිණිලි කිහිපයක් ලැබිලා තියෙනවා.
මෙයා කියනවා විදුලි ගාස්තුව වැඩි කරන්න දෙන්නේ නෑ කියලා. කොහොමද ආර්ථිකය ගෙනියන්නේ. එතුමට ඒ ගැන බලයක් නෑ. එතුමට තියෙනවා ව්‍යාපාර, විදුලි බිල වැඩිවුණාම එතුමගේ වියදම් වැඩිවෙනවා.
එතුමට කියන්න තිබුණේ, මට මේක බලපානවා. මම ට්‍රිලියම් සමාගමේ සභාපති මේක වැඩිවුණොත් මට බලපානවා. ඒ් නිසා මම මේ රැස්වීමට ඒන්නේ නෑ’ කියලා. මේකේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවටයි.
මන්ත්‍රීවරුන් තීරණය කරන්න ඕන මොකද කරන්නේ කියලා. මේ වගේ හිතලා ඉදිරියට යන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. ජනතා කොමිසමක සභාපති ලෙස ඔබ දැන ගන්න ඕන කොහොමද හැසිරෙන්නේ කියලා. එච්චරයි මම කියන්නේ. මටත් එහෙම එකක් තිබුණනම් මමත් කැමති නෑ විදුලි බිල වැඩි කරන්න. මට දැන් ගෙයක් නෑ.”

වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක්! පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්!
දෙවුන්දර දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ධුරය සම්පත් කිරිගේට
රටම කැළඹූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන වැඩසටහන ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමි කළ ඉල්ලීම
බියකින් හෝ අවිශ්වාසයකින් තොරව ලංකාවේ ආයෝජනය කරන්න! අශෝක රන්වල ජපන් බසින් විදේශ ආයෝජකයන්ට කළ ඇරයුම!
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
රාජ්‍ය සේවක වැටුප් සඳහා වසරකට රුපියල් බිලියන 900ක්
නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිදා ගැන කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම පහත වැටෙයි
ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම පවතින රෝගයක් ගැන අනාවරණයක්
අද දවසේ කාලගුණයේ සිදුවන වෙනස
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 223 දෙනෙකුට නව පත්වීම්! වෛද්‍යවරුන් 1,600ක් මේ මාසය අවසන් වීමට පෙර බඳවා ගැනේ!
රයිස් සහ කොත්තු සහ කෙටි කෑමවල මිල ඉහළට