බදුල්ල වේවැස්ස තේ වත්තේ දී ඊයේ (26) සවස 6.00 ට පමණ මුගුරකින් පහරදී 60 හැවිරිදි තම පියා ඝාතනය කළේයැයි සැකපිට ඔහුගේ 35 හැවිරිදි පුතා අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.
කම්කරු නිවාසය ඉදිරියේ මිදුලේදී මෙම පහරදීම සිදුව ඇති අතර පහරකෑමට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබේ .
සැකකරු නිවස අසල කුඩාමඩුවක සිටියදී ඊයේ දිනම අත්අඩංගුවට ගත් අතර ඔහු කථන හා මානසික ආබාධ සහිත පුද්ගලයෙක් බව විමර්ශන වලදි අනාවරණය වූ බව පොලිසිය පවසයි.
සැකකරු වියරු ලෙසින් හැසිරෙද්දි පවුලේ සෙසු සාමාජිකයන් නිවසින් එලියට දිවගොස් බේරි ඇති නමුත් මරණකරු මෙම ඛේදවචාකයට ගොදුරුව තිබේ.
මියගිය පුද්ගලයා මෙම වත්තේම (වේවැස්ස ) අනියම් කම්කරුවෙකු ලෙස රැකියාව කරන පස් දරු පියෙකි
බදුල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත බදුල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි. මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වේ.

වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක්! පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්!
දෙවුන්දර දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ධුරය සම්පත් කිරිගේට
රටම කැළඹූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන වැඩසටහන ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමි කළ ඉල්ලීම
බියකින් හෝ අවිශ්වාසයකින් තොරව ලංකාවේ ආයෝජනය කරන්න! අශෝක රන්වල ජපන් බසින් විදේශ ආයෝජකයන්ට කළ ඇරයුම!
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
රාජ්‍ය සේවක වැටුප් සඳහා වසරකට රුපියල් බිලියන 900ක්
නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිදා ගැන කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම පහත වැටෙයි
ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම පවතින රෝගයක් ගැන අනාවරණයක්
අද දවසේ කාලගුණයේ සිදුවන වෙනස
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 223 දෙනෙකුට නව පත්වීම්! වෛද්‍යවරුන් 1,600ක් මේ මාසය අවසන් වීමට පෙර බඳවා ගැනේ!
රයිස් සහ කොත්තු සහ කෙටි කෑමවල මිල ඉහළට