රුපියල් 40,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනා මත ආලයඩිවෙම්බු ප්රාදේශීය සභාවේ සේවයේ නියුතු කාර්මික නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ආලයඩිවෙම්බු ප්රාදේශීය සභාවට අයත් පොදු ක්රීඩා පිටියක කාණු පද්ධතිය ඉදිකිරීමේ කොන්ත්රාත්තුව සහ අම්පාර දිස්ත්රික් ග්රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුව මඟින් අක්කරපත්තු නගරයේ වෙළඳ සැලක් ඉදිකිරීමේ කොන්ත්රාත්තුව සිදුකර අවසන් කිරීමෙන් පසු, ඊට අදාළ රැඳවුම් මුදල් නිදහස් කරගැනීමට අවශ්ය නිර්දේශ ලබාදීම වෙනුවෙන් සැකකරු මෙලෙස අල්ලස් ඉල්ලා ඇත.
ඒ අනුව ඔහු අදාළ පුද්ගලයාගෙන් එක් කොන්ත්රාත්තුවක් සඳහා රුපියල් 20,000 බැගින් කොන්ත්රාත් දෙක සඳහා රුපියල් 40,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගෙන තිබේ.
ඊට අමතරව සැකකරු විසින් එම පුද්ගලයාගෙන් ණය මුදලක් ලෙස රුපියල් 100,000ක මුදලක් ඉල්ලා ඒ වෙනුවෙන් රුපියල් 100,000ක් වටිනා චෙක් පතක් ද ලබාගෙන තිබේ.
කෙසේවෙතත් ඊයේ (10) පස්වරු 1.55ට පමණ අදාළ පුද්ගලයාගේ ව්යාපාරික ස්ථානයේදී සිදුකළ වැටලීමකදී විමර්ශන නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරු අක්කරපත්තුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

නාමල් රාජපක්ෂ යළිත් රිමාන්ඩ්
තිස්සකුට්ටි අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි
වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් නිවේදනයක්
තරුණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ මාලිමා මන්ත්රී රිමාන්ඩ්
රටම කැළඹූ වස් කවිය ගැන පොලිසියෙන් ප්රකාශයක්
ශ්රී ලංකා පිල ලැබූ විශිෂ්ට ජය ගැන සංගක්කාරගෙන් විශේෂ සටහනක්
ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්රබල තත්ත්වයක පවතිනවා -නීතිපතිවරයා අධිකරණයට දැනුම්දෙයි
අන්දමන් ආශ්රිතව පීඩන අවපාතයක් වර්ධනය වෙයි! වැසි තත්ත්වය පහව යන දිනය මෙන්න!
මෙටා සමාගමට ඩොලර් බිලියන 25ක දැවැන්ත දඩයක්!
මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි! ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අහස උසට නගී!
අභිනව ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරයට රාජකීය පණ්ඩිත පූජ්ය අකුරැස්සේ සිරි ධම්මවිමල හිමියන් පත්වෙති
දැදුරු ඔය ගංවතුර මට්ටමට ළංවෙයි