ඩුබායි සිට ටෙල් අවිව් බලා පියාසර කරමින් තිබියදී Flydubai FZ1073 යානයේ සහයක ගුවන් නියමුවා (Co-pilot) විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටින ඉන්දීය ජාතික වීර ගුවන් නියමු ස්මිට් මච්ඡාර් (Smit Machchhar) සුවදුක් විමසීම සඳහා ඩුබායි හි ඔටුන්න හිමි ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තුම් (Sheikh Hamdan bin Mohammed bin Rashid Al Maktoum) කුමරු පැමිණ තිබෙනවා.
දැඩි ලෙස තුවාල ලබා සිටියද, ක්ෂණිකව ක්‍රියාත්මක වී කොක්පිට් (Cockpit) දොර විවෘත කිරීම මගින් ගුවන් යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 172 දෙදෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට සමත් වූ මෙම ගුවන් නියමුවාට මේ වන විට මුළු ලොවින්ම දැඩි පැසසුම් හිමිවෙනවා.
ගුවන් නියමුවාගේ සුවදුක් විමසා බැලීමෙන් අනතුරුව, ඩුබායි ඔටුන්න හිමි කුමරු එවන ලද X සටහනක දැක්වුණේ, අදාළ නියමුවාගේ නිර්භීත ක්‍රියාකලාපය පිළිබඳව තමන්ගේ සහ සමස්ත රටේම පූර්ණ ඇගයීම හිමිවන බවයි.

ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාව අතරතුර 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට
ඝාතනයක් සඳහා යමින් සිටි දෙදෙනෙකුට කොස්ගොඩදී පොලිසියෙන් වෙඩි
රු.5,000ක අල්ලසක් ගත් පොලිස් කොස්තාපල්ට වැඩ වරදී
ඥානසාර හිමියන් අත්අඩංගුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලෝකඩ පදක්කම
ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ඇති ඉරාන නෞකා සහ අමෙරිකානු සම්බාධක ගැන පලවන වාර්තා පිළිබඳ විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
අද අව්-වැසි තත්ත්වය
කුකුළු මස් හා බිත්තර මිල ඉහළට?
කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි
කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පනවයි
කුකුල් මස් කිලෝවක් අල්ලස් ලෙස ඉල්ලූ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම්
පාකිස්තානට එරෙහි T20 සංචිතය නම් කෙරේ