රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට 2027 අයවැය ලේඛනයෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
2024 ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ “කාර්යක්ෂම ශ්‍රම සම්පතක් – ගෞරවනීය වෘත්තීය ජීවිතයක්” යන පරිච්ඡේදය මගින් රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය පොරොන්දු ලබා දී තිබූ බව එම ලිපියේ දක්වා තිබෙනවා.
එම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ,ගුරු සේවයට – 20,000ක්, IT ක්ෂේත්‍රයට – STEM උපාධිධාරීන් 3,000ක් සහ Non-STEM උපාධිධාරීන් 9,000ක් ආදායම් බදු, රේගු, විදේශ සේවා හා සංචාරක ක්ෂේත්‍ර සඳහා – 3,000ක් එම පොරොන්දු ක්‍රියාවට නැංවීම සඳහා දැනට දැනට රැකියා විරහිතව සිටින සියලු උපාධිධාරීන් උදෙසා රැකියා අවස්ථා ලබාදීමට ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන ලෙසත්, පැහැදිලි කාලසීමාවක් තුළ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

සිරිලියෙන් සිරගෙට ගිය ශිරන්ති රාජපක්ෂගේ නඩුවේ සම්පූර්ණ කතාව
ලංගම බසයට යටවුණු 12 හැවිරිදි පාසල් සිසුවා අවසන් ගමන් යයි
“ඥානසාර හිමිගේ චීවරය ඉවත්කර ගිහි ඇඳුමින් උපැවිදි තත්ත්වයට පත්කිරීම බරපතළ වරදක්” – අස්ගිරි ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
ප්‍රදීප් කාරියවසම්ට ඇප
හිටපු විදෙස් ඇමති රෝහිත බෝගොල්ලාගම රිමාන්ඩ්
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්
හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට
සුගීෂ්වර බණ්ඩාර යළිත් රිමාන්ඩ්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් දඬුවම මහාධිකරණයෙන් ස්ථීර කෙරේ
හිටපු පොලිස්පති දේශබන්දුට එරෙහිව අධි චෝදනා භාරදෙයි
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට