පියයරු පිළිකා හේතුවෙන් දෛනිකව මෙරටින් පුද්ගලයින් තිදෙනෙකු මියයන බව ජාතික පිළිකා මර්ධන වැඩසටහන පවසයි.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා පැවසුවේ වසරකට එම පිළිකා රෝගීන් 6,000ක් පමණ වාර්තාවන බවයි.
කොළඹ නගර සභාවේ පිළිකා මර්ධන වැඩසටහන පිළිබඳ පැවති වැඩසටහනකට එක්වෙමින් වෛද්‍ය සේනක තලගල මහතා මෙම අදහස් පළ කළේය.
“ලංකාවේ වැඩිපුරම දක්නට ලැබෙන පිළිකාව විශේෂයෙන්ම කාන්තාවන් අතර බහුලතම පිළිකාව පියයුරු පිළිකාව. අවුරුද්දකට මේ වෙන කොට අපි දකිනවා 6,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඒ වගේම 1,000කට අධික සංඛ්‍යාවක් රෝගීන් මියයනවා. අපි සාරාංශගත කරොත් එහෙම හැම දවසකම අලුතින් රෝගීන් 17 දෙනෙකු වාර්තා වෙන අතර 3දෙනෙකු මියයනවා. වැදගත් වෙන්නේ රෝගය කල් ඇතිව හඳුනාගැනීම. ඒ වගේම නිසි ප්‍රතිකාර ලබා ගැනීම සහ රෝගීන් පසු විපරම් කිරීම. සහ ඔවුන් රැක බලා ගැනීම.අවාසනාවකට අපි දකින දෙයක් තමයි බොහෝ ප්‍රමාද වෙලා රෝගීන් රෝග ලක්ෂණ පැහැදිලිව පේන්න තිබියදීත් රෝගීන් රෝහල් කරා පැමිණෙනවා එතනදි ප්‍රතිකාර වලින් හොඳ ප්‍රතිඵල ලබාගන්න අමාරුයි.”

පස්වරු 1න් පස්සේ එළියට යනවා නම් කුඩයක් අරගෙන යන්න අමතක කරන්න එපා
සියලුම රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය
දැඩි කණස්සල්ල පළ කරමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි අත්අඩංගුවට
රිමාන්ඩ් කෙරුණු ශිරන්ති රාජපක්ෂට විශේෂ ආරක්ෂාවක්
ලංගම බසයට යටවුණු 12 හැවිරිදි පාසල් සිසුවා අවසන් ගමන් යයි
“ඥානසාර හිමිගේ චීවරය ඉවත්කර ගිහි ඇඳුමින් උපැවිදි තත්ත්වයට පත්කිරීම බරපතළ වරදක්” – අස්ගිරි ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
ප්‍රදීප් කාරියවසම්ට ඇප
හිටපු විදෙස් ඇමති රෝහිත බෝගොල්ලාගම රිමාන්ඩ්
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්
හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට