Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනපති මහජන උපයෝගීතා කොමිෂමේ සභාපතිට දෙහි කපයි

4 years ago

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ජනතාව නොමග යවන බවත් ඔහුව ඉදිරියේදී හමුවන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

ඔහු පිළිබඳවත් ඔහු කළ ප්‍රකාශ පිළිබඳවත් තමන්ට පැමිණිලි ලැබී ඇති බවත් පනත අනුව බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් ජනපතිවරයා සඳහන් කළේය.

“මේකෙ බලය තියෙන්නේ කැබිනට් එකටයි ඇමතිතුමාටයි. මමයි මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත හැදුවේ. එහි බලතල මම දන්නවා. මේක තියෙන්නේ මගේ අමාත්‍යාංශය යටතේ.

මම දන්නේ නෑ ඇයි ජනතාව නොමග යවන්නේ කියලා. මේ සභාපතිතුමාව හමුවෙන්න තියෙනවා. මට දැන් එතුමා ගැනත් කරපු ප්‍රකාශ ගැනත් පැමිණිලි කිහිපයක් ලැබිලා තියෙනවා.

මෙයා කියනවා විදුලි ගාස්තුව වැඩි කරන්න දෙන්නේ නෑ කියලා. කොහොමද ආර්ථිකය ගෙනියන්නේ. එතුමට ඒ ගැන බලයක් නෑ. එතුමට තියෙනවා ව්‍යාපාර, විදුලි බිල වැඩිවුණාම එතුමගේ වියදම් වැඩිවෙනවා.

එතුමට කියන්න තිබුණේ, මට මේක බලපානවා. මම ට්‍රිලියම් සමාගමේ සභාපති මේක වැඩිවුණොත් මට බලපානවා. ඒ් නිසා මම මේ රැස්වීමට ඒන්නේ නෑ’ කියලා. මේකේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවටයි.

මන්ත්‍රීවරුන් තීරණය කරන්න ඕන මොකද කරන්නේ කියලා. මේ වගේ හිතලා ඉදිරියට යන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. ජනතා කොමිසමක සභාපති ලෙස ඔබ දැන ගන්න ඕන කොහොමද හැසිරෙන්නේ කියලා. එච්චරයි මම කියන්නේ. මටත් එහෙම එකක් තිබුණනම් මමත් කැමති නෑ විදුලි බිල වැඩි කරන්න. මට දැන් ගෙයක් නෑ.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *