Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතුවලට රජයෙන් සුබ ආරංචියක්

3 years ago

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ලක්ෂයකට අඩු මාසික පොලී ආදායමෙන් අයකරගත් සියයට පහක රැඳවුම් බද්ද ඉතාම කෙටි කලකින් නැවතත් ඒ තැන්පතුකරුවන්ට නිදහස් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරගෙන යන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

පවතින නීතිය අනුව එම රැඳවුම් බද්ද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙතෙක් නිකුත් කෙරුණේ වසරකට පසුව බවද ඔහු සඳහන් කළේය.

මෙම සියයට පහේ රැඳවුම් බද්ද අය කෙරුණේ සාමාන්‍ය බදු නීති අනුව බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එම රැඳවුම් බද්ද කෙටිකාලීනව නිදහස් කිරීමට ක්ෂණික වැඩපිළිවෙළක් අරඹා ඇතැයිද ප්‍රකාශ කළේය

නොගැලපෙන රඳවා ගැනීම් සියල්ල වර්ෂයකට පෙර නිදහස් කිරීමට
කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර සේවකයන්ගේ උපයනවිට බද්ද අදාල ආයතන මගින් ගෙවීම අසාධාරණ බව පැවසූ සියඹලාපිටිය මහතා මින්පසු ඒ බද්ද අදාල සේවකයන් මිස ආයතනවලට ගෙවීමට ඉඩ නොදෙන බවද ප්‍රකාශ කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *