Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොදෙව්වන්ට එරෙහි දෙවැනි තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට

31 minutes ago

කොදෙව්වන්ට එරෙහි දෙවැනි තරගයේ පළමු දිනයේ තරගය නිමාකරන විට කඩුලු 5ක් දැවී ලකුණු 338ක් රැස්කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 25ක් තුළ දවාගැනීමට කොදෙව්වන්ට හැකියාව ලැබුණත් දෙවන කඩුල්ලට පන්දු 255කදී ලකුණු 215ක සබඳතාවක් ගොඩනැනීමට නවක ක්‍රීඩක ළහිරු හා කමිඳු මෙන්ඩිස් සමත් වුණා.

මුළු ලකුණු 240ක්ව තිබියදී ලකුණු 84ක් රැස්කරගෙන සිටි කමිඳුට තම කඩුල්ල අහිමි වුණ අතර,  සිය තෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ළහිරු ද්විත්ව ශතකයට ලකුණු 12ක් (ලකුණු 188) පසුපසින් සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියා.

නායක ධනංජය ද සිල්වා ලකුණු 33කට දැවී ගිය අතර, දිනය නිමාවනවිට කුසල් මෙන්ඩිස් හා සොනාල් දිනූෂ කඩුල්ලේ රැඳී සිටීමට සමත් වුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *