Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

චරිත් අබේසිංහගේ සියලු තනතුරු අත්හිටුවයි

28 minutes ago

අල්ලස් සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.

ඊට සමගාමීව, ඒ මහතා විසින් පක්ෂය තුළ මෙතෙක් දැරූ අදාළ ආසන සංවිධායක ධුරය ඇතුළු සියලුම තනතුරු ද අත්හිටුවීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කර සිටින්නේ, අදාළ අල්ලස් සිදුවීම වූ බව කියන 2023 වසර වන විට චරිත් අබේසිංහ මහතා පක්ෂයේ නිල සාමාජිකයෙකු, සංවිධායකවරයෙකු හෝ වෙනත් කිසිදු තනතුරක් දැරූ අයෙකු නොවන බවයි. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *