Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අර්බුදයක! ඉසිත විජේසුන්දරට ටෙස්ට් වරම්!

12 minutes ago

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට නිල වශයෙන් නම් කර තිබේ.

ශ්‍රී ලංකා සංචිතයේ සිටි ක්‍රීඩකයින් පස් දෙනෙකුම ආබාධ සහ අසනීප තත්ත්වයන්ට මුහුණ දී සිටින පසුබිමක් තුළ මෙම කණ්ඩායම නම් කර තිබීම විශේෂත්වයකි. ආබාධයකට ලක්ව සිටින ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක වෙනුවට ළහිරු උදාර කණ්ඩායමට කැඳවා ඇත. මීට අමතරව රමේෂ් මෙන්ඩිස් බැක්ටීරියා ආසාදනයකට ලක්ව ඇති අතර, වේගපන්දු යවන ක්‍රීඩකයින් වන ළහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු යන දෙදෙනාම මේ වනවිට ආබාධවලට ලක්ව සිටිති.

මෙම අභියෝගාත්මක තත්ත්වය හමුවේ තරුණ ක්‍රීඩක ඉසිත විජේසුන්දර හට සිය මංගල ටෙස්ට් වරම් හිමිවීම මෙහිදී කැපී පෙනෙන සිදුවීමක් බවට පත්ව ඇත.

දෙවන ටෙස්ට් තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායම:

  • නිශාන් මධුෂංක
  • ළහිරු උදාර
  • දිනේෂ් චන්දිමාල්
  • කමිඳු මෙන්ඩිස්
  • ධනංජය ද සිල්වා
  • කුසල් මෙන්ඩිස්
  • සොනාල් දිනුෂ
  • මිලාන් රත්නායක
  • ඉසිත විජේසුන්දර
  • ප්‍රභාත් ජයසූරිය
  • අසිත ප්‍රනාන්දු
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *