සීනි අන්තර්ගත දියර ආහාර සඳහා වර්ණ සංකේත ලේබල් කිරීමේ නියෝග සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් 1980 අංක 26 දරන ආහාර පනතේ 32 වන වගන්තිය යටතේ මෙම සංශෝධන නියෝග නිකුත් කර ඇති අතර, ඒවා ජුනි 23 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇත.
නව සංශෝධන අනුව, සීනි අන්තර්ගත දියර ආහාරවල ඇසුරුම් මත ප්‍රදර්ශනය කළ යුතු රතු, ඇම්බර් සහ කොළ වර්ණ සංකේත ලාංඡනවල සැලසුම සහ ප්‍රදර්ශන ආකාරය පිළිබඳ නව නියමයන් හඳුන්වා දී තිබේ.
එමෙන්ම, වීදුරු බෝතල්වල ඉඩකඩ සීමිත අවස්ථාවල භාවිත කළ හැකි විකල්ප ලාංඡනයක් ද හඳුන්වා දී ඇත.
මෙම සංශෝධන මඟින් “ව්‍යාපාරයකින් ව්‍යාපාරයකට” (Business to Business) සැපයෙන ආහාර නිෂ්පාදන සඳහා ද නව අර්ථ නිරූපණයක් ඇතුළත් කර ඇති අතර, එවැනි නිෂ්පාදන සෘජුව පාරිභෝගිකයන්ට අලෙවි නොකර තවදුරටත් සැකසුම්, පිළියෙළ කිරීම හෝ නැවත විකිණීම සඳහා පමණක් භාවිත කරන ආහාර ලෙස අර්ථ දක්වා තිබේ.
නියෝගයට අනුව මිලිලීටර් 100ක සීනි ග්‍රෑම් 8.0ට වැඩි බීම සඳහා රතු වර්ණයත්, ග්‍රෑම් 2.5 සිට 8.0 දක්වා ඇම්බර් වර්ණයත්, ග්‍රෑම් 2.5ට අඩු බීම සඳහා කොළ වර්ණයත් යොදාගත යුතු බව නව උපලේඛනයේ සඳහන් වේ.


උපකාරක පන්ති යන සිසුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය විකිණූ 23 හැවිරිදි මාට්ටු
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ ඇගයීමක්
කටුනායකින් එළියට ගත් ‘කොණ්ඩ රංජි’ CIDයට රැගෙන යයි
ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තැබේ
ශිරන්ති රාජපක්ෂට වාහනයෙන්ම බන්ධනාගාරය තුළට යන්න දීම ගැන ඇමති විජිත හේරත් කියූ කතාව
‘විනිසුරු ලවා දඬුවම අඩු කරලා දෙන්නම්’: සරණ ගුණවර්ධනගේ බිරිඳගෙන් අල්ලස් ගත් බව කියන අධිකරණ සහයකයෙකු රිමාන්ඩ්
සේරුවිලදී පාසල් සිසුවියක් සමූහ අතවරයට ලක්වෙලා
අනුරාධපුරයට අධිවේගී මාර්ගයක්
පොලීසියේ උසස්වීම් අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම් 40ක් ඉවතට
සතොස අලෙවිසැල් 31ක් වැසී ගිහින්
අතුරුගිරියේ වෙඩිතැබීමක්
එ.ජා. මානව හිමිකම් කවුන්සියලේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පිටු 16ක වාර්තාවක්