දුරකථන අංකය වෙනත් අයට පෙනෙන්නට නොදී, පරිශීලක නාමයක් (Username) පමණක් භාවිත කරමින් අන් අය සමඟ සම්බන්ධ වීමේ හැකියාව WhatsApp විසින් හඳුන්වාදීමට නියමිතව ඇත.
ලොව පුරා සිටින බිලියන 3ක පරිශීලකයන් වෙත ඉදිරි මාස කිහිපය තුළ ලබා දීමට නියමිතයි.
මෙය අනිවාර්යය නොවන අතර කැමති අයට පමණක් තමන්ට අවශ්‍ය පරිශීලක නාමයක් (Username) වෙන් කරවා ගත හැකියි.
මේ අතර, තමන් තෝරාගත් පරිශීලක නාමය ඕනෑම වේලාවක ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට පරිශීලකයන්ට අවස්ථාව ලැබේ.
පරිශීලක නාමයක් සඳහා භාවිත කළ හැක්කේ උපරිම අකුරු/සංකේත 35ක් පමණි.
ප්‍රසිද්ධ දේශපාලනඥයන් හෝ ප්‍රසිද්ධ චරිතවල නම් වෙනත් අයට ව්‍යාජ ලෙස භාවිත කිරීමට නොහැකි වන සේ සීමා පනවා ඇත.
WhatsApp ගිණුමක් ආරම්භ කිරීමට තවදුරටත් දුරකථන අංකයක් අනිවාර්ය වන නමුත්, Username විශේෂාංගය ක්‍රියාත්මක වූ පසු අන් අයට ඔබේ දුරකථන අංකය දැකගත නොහැකි වනු ඇත.
මෙමඟින්, විශේෂයෙන්ම Group Chatවල සිටින නොදන්නා පුද්ගලයන් සමඟ තමන්ගේ පෞද්ගලික දුරකථන අංකය බෙදා ගැනීමට අකමැති අයට වැඩි පෞද්ගලිකත්ව ආරක්ෂාවක් ලැබෙන බව WhatsAppහි නිෂ්පාදන ප්‍රධානී ඇලිස් නිව්ටන්-රෙක්ස් පවසයි.

කුමාර් සංගක්කාරට අයර්ලන්තයේ දී අකරතැබ්බයක්
ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල පත් කෙරේ
ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක වෙයි! හිටපු ජනපති මහින්ද නිසා SSP ලා තිදෙනෙකුගේ පොලිස් නිල ඇදුම් ගැලවෙයි!
හෝමාගම Crimes OIC රිමාන්ඩ්
ආනයනික අර්තාපල්, වියළි මිරිස් සහ ලොකු ඵෑණු මිල ඉහළට
වෑන් රථයක් සහ ත්රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී මාරක අනතුරක්
නාමල්ගේ මුදල් විශුද්ධීකරණ නඩුව කල්යයි
හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් ඉවතට
විදෙස්ගත ශ්රමිකයන් ගැන ජනපති ගත් තීරණය
‘අස්වැසුම’ ප්රතිලාභී ලැයිස්තුවෙන් පවුල් ලක්ෂ 14ක් කපයි
රජයේ නව පනත් කෙටුම්පතට Human Rights Watch විරෝධය
අද කාලගුණ නිවේදනය