Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මසක් තුළ ස්පාඤ්ඤ වැසියන් දහසකට අධික පිරිසකට දිවි අහිමි කළ අධික උණුසුම

27 minutes ago

යුරෝපයේ විශාල ප්‍රදේශයක් පුරා අඛණ්ඩව පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ස්පාඤ්ඤය සහ ප්‍රංශය ඇතුළු රටවල් රැසක දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ස්පාඤ්ඤයේ මහජන සෞඛ්‍ය ආයතනය නිකුත් කළ නවතම වාර්තාවලට අනුව, ගත වූ ජූනි මාසය තුළ පමණක් අධික උෂ්ණත්වය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 1,000 ඉක්මවා ගොස් තිබෙනවා.

යුරෝපය පුරා වාර්තාගත ලෙස උෂ්ණත්වය ඉහළ යාම මෙයට සෘජුවම බලපා ඇති බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ.

එමෙන්ම ප්‍රංශ බලධාරීන් ප්‍රකාශ කළේ උණුසුම් කාලගුණික තත්ත්වය ආරම්භ වූ දා සිට මේ දක්වා ප්‍රංශය තුළ ද පුද්ගල මරණ 1,000කට වඩා වාර්තා වී ඇති බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *