අවුරුදු උදාවේදී ලග්නාධිපති සිකුරු උච්ච බලයෙන් බුධ රාහු ද සමඟ අයස්ථානයේ ගමන් කරයි. සඳු දෙවැන්නේ කේතු පස්වැන්නේ කුජ, ශනි දහයේ සහ රවි ගුරු වැයස්ථානයේද ගමන් කරයි. ශනිගෙන් සස යෝගය, සිකුරුගෙන් මහෞෂධ යෝගය, රවිගෙන් මයුරපාල යෝගය ද යෙදී ඇත.
ගෘහ ජිවිතය
මහන්සියකින් තොරව ධනය උපයා ගැනීමේ භාග්‍යය පවතී. ගුණයහපත්කම නිසා සමාජ කටයුතුවලට යොමු වේ. පිරිස් බලය ද ඇති වේ. බුධගේ නීචය භංගවී ඇත. නොසිතූ ආකාරයට කටයුතු සාර්ථක වේ. ගෙදර දොර දියුණුව ඇති වේ. ප්‍රශ්න ගැටලු මඟ හැරී යන වර්ෂයක් වෙයි.
කුජ දශා ගත කරන අයට මංගල යෝගද උදාවේ. අන්‍යයන්ගේ බසට අවනතව කටයුතු කිරීමට යෑමෙන් තම මනුෂ්‍ය ගුණ ධර්ම හීන වී යා හැකිය. එනිසා මිතුරන් හා සමාජය ඇසුරේ දී කල්පනාකාරී විය යුතු වේ.
රැකියාව හා ආර් ථිකය
රැකියාවේ ස්ථානමාරු වීමට ඉඩ ඇත. එසේ ඇති වුවත් එය යහපත පිණිස වේ. රවි දශාගත කරන අයට විදේශ ගමන්ද යෙදිය හැකිය. අදහස් කරන දේවල් විටින් විට වෙනස්වීමටද ඉඩ තිබේ. වෙළෙඳ ව්‍යාපාර වාණිජ කටයුතු සාර් ථක ලෙස කළ හැකිය.
වියදම් තරමක් වැඩි වේ. ගුරු දශා ගත කරන අයටද ආර් ථික අපහසුතා ඇති වේ. මැයි සිට තත්ත්වය සමනය වේ. සෙනසුරු වෘෂභයට සුබයි. රැකියා නිලතල ලැබීමට වාසනාව පවතී. උසස් තත්ත්වද හිමිවේ. අනුන්ගෙන් ප්‍රශංසා ලබන විදියට කටයුතු කළ හැකිය. රාහු දශා තිබේ නම් කොන්ත්‍රාත් වැනි කටයුතු දියුණු ලෙස සිදු කළ හැකිය. නිර්භීතව කටයුතු කිරීමට ධෛර්ය ඇති වේ. යුක්තියට ගරු කරයි. නරකනාම, අවනම්බු ඇතිවීම් ද ඉඩ තිබේ. කේතු දශා තිබෙන අයට සමඵලදායක වේ. දරුවන්ගේ, ශිෂ්‍යයන්ගේ දියුණුවට මුදල් වැයකිරීමට සිදු වේ.
අධ්‍යාපනය
ඉගෙනීම දියුණු වේ. මැයි මස සිට අධ්‍යාපනයට ඇති බාධා මඟ හැරී යයි. ගුප්ත විද්‍යා හදාරන අයට සුබ කාලයෙකි. ගුප්ත විද්‍යා රහස් කටයුතු වෛද්‍ය ක්‍රම හදාරණ අයට උසස් ප්‍රතිඵල ලද හැකිය. පසු කාලයේ ඒවායේ ප්‍රතිඵල අඩු නැතිව ලැබේ. තරග විභාගවලින් අපේක්ෂා කළ ප්‍රතිපල ලැබීමට නම් ධෛර්යවත්ව අධ්‍යාපන කටයුතුවල නිරත විය යුතුය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් වියදම් කිරීමට සිදු විය හැකිය. විදේශ අධ්‍යාපන කටයුතු සඳහා හිමිකම් පවතී.
සෞඛ්‍යය
කෙණ්ඩාවල රෝග පීඩා මෙන්ම, සෙම් දෝෂ රෝග ඇති වේ. උදරගත රෝග ද උෂ්ණ පීඩා ආදී රෝග තත්තවයන් මතුවිය හැකිය. ලේ විෂවීම, සීරීම් තුවාල, උගුරේ අමාරු ඇති විය හැකිය. දරුවන්ටද අසනීප ලෙඩ රෝග ඇති විය හැකිය. තම සෞඛ්‍යය පිළිබඳ වඩාත් සැලකිලිමත් වීම යෝග්‍ය වේ. ශල්‍යකර්මවලට භාජනයවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරි විය යුතුය.
අය – 05 වැය – 08
සුබ දිශාව – නැඟෙනහිර
ජය අංක – 5, 6, 8
ජය වර් ණ – කොළ , සුදු
ජය දින – බදාදා, සිකුරාදා,
ජය මාස – පෙබරවාරි, මාර් තු
සුබ මැණික් – පච්ච ගල්

බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්