පවතින අර්බුධකාරී වාතාවරණය හමුවේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් සඳහා සතියේ සෑම සිකුරාදා දිනයකදී ඉන්ධන ලබාදීම සඳහා බලශක්ති අමාත්‍යවරයා සමග සිදුකළ සාකච්ජාවෙන් පසු ක්‍රමවත් වැඩපිළිවලක් සකස් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කවැල්ල ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව තෝරා ගත් ඉන්ධන පිරවුම්හල් මගින් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින්ට මෙලෙස ඉන්ධන බෙදා හැරීමට නියමිත වන අතර එහිදී අදාළ පුද්ගලයින් තමන්ගේ නිල හැඳුනුම්පත ඉන්ධන පිරවුම්හල් වෙත ඉදිරිපත් කිරීම සිදුකළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
එමෙන්ම අදාළ සෞඛ්‍ය සේවයේ නිරත පුද්ගලයින් සඳහා ඉන්ධන පිරවුම්හල් වෙත ඉදිරිපත් කිරීම සඳහා අදාළ දෙපාර්තමෙන්තු හෝ රෝහල් ප්‍රධානින් විසින් සහතික කරන ලද ලිපියක් ද යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් උපදෙස් ලබාදී ඇත.
එහිදී සෞඛ්‍ය සේවයේ නිරතවන දෙපාර්තමේන්තුවේ හෝ රෝහලේ නම, සේවකයාගේ නම, තනතුර, ජාතික හැඳුනුම්පත් අංකය, වාහනයේ ලියාපදිංචි අංකය සහ වර්ගය එහි සඳහන් කළ යුතු බවට උපදෙස් ලබාදී ඇත.
මෙහිදී සෞඛ්‍ය සේවකයින් සඳහා සතියකට වරක් මෝටර් රථ සහ SUV වර්ගයේ වාහන සඳහා ඉන්ධන ලීටර් 40ක්, ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන ලීටර් 15ක් සහ යතුරුපැදි සඳහා ඉන්ධන ලීටර් 10ක් නිකුත් කිරීමට නියමිතයි.
ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් සම්බන්ධ තොරතුරු පහතින් දැක්වේ.



දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි
ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!