පවතින ඉන්ධන අර්බුදය මූල්‍ය තත්ත්වය යහපත් වන තෙක් අවුරුද්දක පමණ කාලයක් පවතිනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව හෙට (27) දිනයේ සිට ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් ඉන්ධන පෝලිම්වල සිටින පුද්ගලයින්ට ටෝකන් පතක් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
අදාළ ටෝකන් පත අදාළ පුද්ගලයාගේ දුරකථන අංකය සහිතව ඉන්ධන පිරවුම්හලට ආවේනික ලෙස නිකුත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එහිදී ටෝකන් අනුපිළිවෙල අනුව ඉන්ධන පිරවුම්හලට බවුසරයක් පැමිණි පසු දැනුවත් කිරීමක් සිදුකර බෙදා හැරීමට නියමිතයි.
ඉදිරි දින කිහිපයේ ඉන්ධන පෝලිම්වල රැඳී නොසිටින ලෙසත් ටෝකන් පත ලබා ගැනීමෙන් අනතුරුව නිවෙස් බලා යන ලෙසයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අමාත්‍යවරයා පවත්වනු ලබන විශේෂ මාධ්‍ය හමුව සජිවීව.

විදෙස් ප්‍රේෂණවලින් මෙරට ඉතිහාසයේ ලොකුම වාර්තාව මේ වසරේදී?
හිටපු ඇමති මනූෂ අධිකරණයෙන් කළ ඉල්ලීම
පළාත් සභා ඡන්දය පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානමින්
එක රැයකින් ඩොලරය පහළට ආ හැටි මහ බැංකු අධිපති හෙළි කරයි
වාහන හිමියන්ට විශේෂ නිවේදනයක්
ඩීසල් ලීටරයක මිල රුපියල් 600ක් කළ යුතුයි – ධනනාත් ප්‍රනාන්දු
ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි
ඉන්ධන මිල සංශෝධනයක්? ඛනිජ තෙල් සංස්ථාවෙන් නිවේදනයක්
ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
සරණගේ නඩුවල තීන්දු කල්යයි
රජයේ විශ්‍රාම වැටුප් නැති අයටත් විශ්‍රාම වැටුප් ගන්න අවස්ථාවක්
සටන් විරාමය අස්ථාවර කරමින් ඇමෙරිකාවෙන් දකුණු ඉරානයට ප්‍රහාර