Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බන්ධනාගාරගත රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

39 minutes ago

එළැඹෙන හජ්ජි උත්සවය සහ වෙසක් උත්සවය නිමිත්තෙන් බන්ධනාගාරගත කර සිටින රැඳවියන් වෙනුවෙන් සිය ඥාතීන් හමුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවස්ථාවක් සලසා දී තිබේ.

ඒ අනුව, එළැඹෙන 28 සහ මැයි 30 යන දෙදින තුළ දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතනවල මෙම විශේෂ අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදුකිරීමට නියමිතය.

මෙම දිනවලදී රැඳවියන් බැලීම සඳහා පැමිණෙන ඥාතීන්ට ඔවුන් වෙනුවෙන් ආහාර සහ රසකැවිලි රැගෙන ඒමට අවසර හිමිවන අතර, එම ද්‍රව්‍ය එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට පියවර ගත යුතු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

සියලුම බන්ධනාගාර තුළ මෙම කටයුතු සිදුවන්නේ පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහ බන්ධනාගාර නීතිරීතිවලට යටත්ව බව බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *