ශ්‍රී ලංකාවේ වෙසෙන ජනතාවගෙන් සියයට 84ක් වැනි ඉහළ ප්‍රතිශතයක් මරණින් පසු ඇස් දන්දීම සඳහා කැමැත්ත පළ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ජාතික අක්ෂි බැංකුව ආරම්භ කර ගෙවී ගිය වසර 15ක කාලය තුළ ලබාගත් ප්‍රගතිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය මේ බව සඳහන් කළේය.
පසුගිය වසර 15 තුළ මෙරට ජනතාවගෙන් ලැබුණු අක්ෂි කුණිත 17,000ක් උපයෝගී කරගනිමින්, දෘශ්‍යාබාධිතව සිටි රෝගීන් 12,000කට සාර්ථකව අක්ෂි බද්ධ කිරීමේ සැත්කම් සිදු කර ඇති බව එම වාර්තාවල දැක්වේ. මෙය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.
ශ්‍රී ලාංකිකයන්ගේ මෙම උතුම් පරිත්‍යාගශීලීත්වය දේශීය අවශ්‍යතා සපුරාලීමට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද සහයක් වී තිබේ. විවිධ රටවලින් ලැබුණු ඉල්ලීම්වලට අනුව අක්ෂි කුණිත 4,000ත් 5,000ත් අතර ප්‍රමාණයක් විදෙස් රටවල රෝගීන් වෙනුවෙන් ප්‍රදානය කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.
ශ්‍රී ලංකාව අක්ෂි දායකත්වය අතින් ලොව ප්‍රමුඛතම රටක් ලෙස පිළිගැනීමට ලක්ව ඇත්තේ ජනතාව තුළ පවතින මෙම ඉහළ කැමැත්ත හේතුවෙන් බව එම නිවේදනය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට
හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්