05 වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අනුව වඩාත් සුදුසුම විකල්පය අධ්‍යයනය කිරීමට යම් කාලයක් අවශ්‍ය බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
අද (31) පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.
“අද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගේ අතට ලැබුණා. පිටු 68ක තීන්දුවක්. වඩාත් සුදුසුම තීරණය ගෙන ක්‍රියාත්මක වෙන්න කියලා අධිකරණය නියෝග කළා. මේක දීර්ඝ ලෙස අධ්‍යයනය කරමින් සිටිනවා. විකල්ප 3 අතරින් වඩාත් සුදුසුම විකල්පය මොකක්ද කියලා මට එකපාරටම කියන්න පුළුවන්කමක් නැහැ. ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න ඕනේ.”
“සාමාන්‍යයෙන් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබාදෙන්න දින 40ක වගේ කාලයක් ගත වෙනවා. ප්‍රමුඛත්වය දෙන්න කටයුතු කරනවා.”
පසුගිය සැප්තැම්බර් 15 වනදා පැවැත්වුණු 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
ඒ අනුව මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා විශේෂඥයින් විසින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ තුන අතුරින් සුදුසු නිර්දේශයක් තෝරා ගෙන වහාම එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබුණි.

වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක්! පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්!
දෙවුන්දර දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ධුරය සම්පත් කිරිගේට
රටම කැළඹූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන වැඩසටහන ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමි කළ ඉල්ලීම
බියකින් හෝ අවිශ්වාසයකින් තොරව ලංකාවේ ආයෝජනය කරන්න! අශෝක රන්වල ජපන් බසින් විදේශ ආයෝජකයන්ට කළ ඇරයුම!
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
රාජ්‍ය සේවක වැටුප් සඳහා වසරකට රුපියල් බිලියන 900ක්
නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිදා ගැන කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම පහත වැටෙයි
ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම පවතින රෝගයක් ගැන අනාවරණයක්
අද දවසේ කාලගුණයේ සිදුවන වෙනස
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 223 දෙනෙකුට නව පත්වීම්! වෛද්‍යවරුන් 1,600ක් මේ මාසය අවසන් වීමට පෙර බඳවා ගැනේ!
රයිස් සහ කොත්තු සහ කෙටි කෑමවල මිල ඉහළට