ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීම අද (16) සිදුවිය. ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසිනි.
ඒ අනුව ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ ජාතික හැඳුනුම්පත් අංක අනුව රථවාහන ලියාපදිංචි කර සතිපතා කෝටා ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ,
“අද දවසේ ලියාපදිංචි කටයුතු පමණයි ආරම්භ කෙරෙන්නේ. අපි පසුව නිවේදනය කරනවා කවදා ඉදල ද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. සිපෙට්කා එකත් ලංකා IOC එකත් යන දෙකම තුළ මේක ක්‍රියාත්මකයි.”
“වාහනහිමියෙකුට සතියකට ලැබෙන ඉන්ධන සීමාව මේකෙදි දැනුම්දෙනවා.”
“භාවිත කරන ඉන්ධන ප්‍රමාණය යම් යම් සීමාවන්ට යටත් කරන්න සිද්ධ වෙනවා.”
“බස් සහ දුම්රිය සඳහා සීමාවකින් තොරව ඉන්ධන ලබාදෙනවා.”
“පෞද්ගලික සියලුම රථවාහන (යතුරුපැදි, ත්‍රීරෝද රථ, මෝටර් රථ, ලොරි.) සඳහා කෝටා ක්‍රමයට තමයි ඉන්ධන ලැබෙන්නේ.
මේ තමයි ජාතික ඉන්ධන අවසර පත්‍රය fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිසිලා ජාතික හැඳුනුම්පත් අංකය, විදේශ ගමන් බලපත්‍ර අංකය හෝ ව්‍යාපාර අංකය ඇතුළත් කරලා මේකෙ ලියාපදිංචි වෙන්න පුළුවන්.”
“අද සියලුම දෙනා මේකේ ලියාපදිංචි වෙන්න එපා. ඉදිරි දින කිහිපය තුළ ක්‍රමයෙන් ලියාපදිංචි වෙන්න. “
” ලියාපදිංචි වී තමන්ගේ QR කෝඩ් එක ලබාගන්න. මේක තමයි අවසර පත්‍රය බවට පත්වෙන්නේ ඉන්ධන ලබාගන්න.” “තමන්ට පරිගණකයක් නැත්නම් හෝ ස්මාර්ට් දුරකථනයක් නැත්නම් වෙනත් කෙනෙකුගේ පරිගණකයකින් හෝ දුරකථනයකින් ලියාපදිංචි වෙන්න පුළුවන්.”
“වාහනයේ ලියාපදිංචි අංකය සසඳලා තමයි QR කෝඩ් එක ලැබෙන්නේ.”
“වාහන ඛාණ්ඩ 6ක් තිබෙනවා. යතුරුපැදි, කාර් (කැබ්, මෝටර් රථ), ත්‍රීරෝද රථ, ලොරි, බස්.”
“මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා තිබෙනවා නම් පමණයි QR කෝඩ් එක ලැබෙන්නේ. ”
“එක හැඳුනුම්පතකට එක වාහනයක් පමණයි ලියාපදිංචි කරන්න පුළුවන් වෙන්නේ.”
“උදාහරණයක් ලෙස එක වාහනයකට ලැබෙන්නේ ඉන්ධන ලීටර් 10ක් හෝ 5ක් නම් ඒ සතිය ඇතුළත ලබාගත යුතුයි. ඒක ඊළඟ සතියට එකතු වෙන්නේ නැහැ.”
“එක වාහනයකට ඉන්ධන ලබාගැනීමට දින 2ක් ලබාදෙන්න කටයුතු කරනවා.”
“තමන්ගේ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය 0,1,2 නම් සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල.”
“තමන්ගේ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය 3,4,5 නම් අඟහරුවාදා සහ සිකුරාදා දිනවල.”
“තමන්ගේ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය 6,7,8,9 නම් බදාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවලත් එලෙස ඉන්ධන නිකුත් කරන්න කටයුතු කරනවා.”

දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි
ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!