සුලු මව ගෙන් සිදුවන හිරිහැර සහ අඩන්තේට්ටම් ඉවසා දරාගත නොහැකිව වයස අවුරුදු දාහතරක 14 ක පිරිමි දරුවකු නෙදුන්කේනි සිට වාලච්චේන දක්වා කිලෝමීටර් 200 අධික දුරක් ආසන්න දුරක් පාපැදියෙන් ගමන් කරමින් සිටියදී එම දරුවාගේ ආරක්ෂාව පතා සිය බාරයට ගත් බව කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි.
මෙලෙස පොලිස් බාරයට ගෙන ඇත්තේ මුලතිව් නෙදුන්කේනි ප්‍රදේශයේ පදිංචි අවුරුදු දාහතරක දරුවෙකි.
වව්නියාව කැබිතිගොල්ලෑව ප්‍රධාන මාර්ගයේ කැලෑ පුලියන්කුලම ප්‍රදේශයේ පාපැදියක නැගී කුඩා දරුවකු ගමන් කරනු දුටු ප්‍රදේශවාසීන් ඒ පිළිබඳ ඇති වූ සැකය මත කැබිතිගොල්ලෑව මූලස්ථානය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල රත්නායක මහතාට කළ දැනුම්දීමකට අනුව වහාම ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා විසින් මෙම දරුවා පොලිස් ආරක්ෂක බාරයට ගෙන ඇත.
දරුවාට අවශ්‍යය කෑම බීම මෙන්ම රැකවරණය ලබාදීමට ක්‍රියා කිරීමෙන් අනතුරුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වූයේ නෙදුන්කේනි ප්‍රදේශයේ පදිංචි තම සුලු මව විසින් දිනපතාම සිදුකරන අඩන්තේට්ටම් හා හිරිහැර දරාගත නොහැකිව වාලච්චේන ප්‍රදේශයේ පදිංචි තම මවගේ නිවසට පාපැදියෙන් ගමන් කිරීමට මෙම දරුවා තීරණය කළ ඇති බව පොලීසිය සඳහන් කළේ ය .

ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි
කෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් හමුවූ සම්බන්ධතා අතර නිළියන් 7ක්, නිරූපිකාවන් 9ක් සහ දේශපාලනඥයින් 7ක්! CIDය අධිකරණයට දැනුම්දෙයි!
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්
සුගීෂ්වරට අදත් ඇප නෑ
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ලොකු සෙලවීමක්
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි