Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලෝක රූ රැජිණ තරගයෙන් ඉවත්ව ගිය එංගලන්ත රූ රැජිණගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්! අනුග්‍රාහක පිරිමින්ටත් සංග්‍රහ කරවන්න යොදවලලු!

1 year ago

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් හි පැවැත්වෙන 2025 ලෝක රූ රැජින තරගයෙන්, එක්සත් රාජධානිය නියෝජනය කළ එංගලන්ත රූ රැජින 24 හැවිරිදි මිල්ලා මාගී ඉවත් වී තිබේ.

තරඟකරුවන්ට සලකන ආකාරය පිළිබඳ කනස්සල්ල පලකරමින් ඇය මෙම තරගයෙන් හදිසියේම ඉවත් වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

“The Sun” පුවත්පත සමඟ පැවති සම්මුක සාකච්ඡාවකදී ඇය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ තරගය අතරතුරටදී “සූරා කෑමට ලක් වූ” බවය.

ඇය ඉවත්වීමෙන් අනතුරුව තරග සංවිධායකයින්ට චෝදනා කළේ තරගයට ඉදිරිපත්ව සිටින තරගකාරියන් ධනවත් පිරිමි අනුග්‍රාහකයන්ට විනෝදාස්වාදයක් සපයන්නියන් ලෙස සූරාකෑමට ලක්කරන බවයි.

“අමුත්තන් හය දෙනෙකුගෙන් යුත් සෑම මේසයකටම ගැහැණු ළමයින් දෙදෙනෙකු සිටියා. අපි මුළු සවසම ඔවුන් සමඟ වාඩි වී සිටියා. ඔවුන්ට ස්තූති කරනවා වගේ. මට ඒක විශ්වාස කරන්න බැරි වුණා.” “මේක හරිම වැරදියි, කියලා මම හිතුවා. මම මෙහි ආවේ මිනිසුන්ගේ විනෝදාස්වාදය සඳහා පුහුණු වීමට නොවේ.”  උත්සවය කළමනාකරණය කළ ආකාරය ගැන කලකිරීම ප්‍රකාශ කරමින් ඇය මේ බව පවසා ඇත.

“කවදාවත් මම ඒ තත්ත්වයට පත්වේ යැයි අපේක්ෂා කළේ නැහැ. අපි මේ අය සතුටු කිරීමට වඳුරන් වගේ එහි වාඩි වී සිටියා. මට එය දරාගත නොහැකි වුණා.”

මේ අතර මිලා මාගී ලෝක රූ රැජිණ තරගයෙන් ඉවත්වීමෙන් පසු එංගලන්තරූ රැජිණ තරගයේ අනුශූරිය වන චාලට් ග්‍රාන්ට්, තරගය සඳහා කැඳවා තිබෙනවා.

ඒ, අනුව තරගයේ එංගලන්තය නියෝජනය දිගටම කරගෙන යන බවයි ලෝක රූ රැජිණ සංවිධානයේ නියෝජිතයෙකු තහවුරු කර ඇත්තේ.

එළැඹෙන 31 වනදා මිස් වර්ල්ඩ් 2025 අවසන් මහා තරගය ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් හි පැවැත්වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *