ස්ත්‍රී දූෂණ චෝදනා ලැබූ ඉන්දියාවේ පූජකවරයකු ලෙස ප්‍රකට නිත්‍යානන්ද ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණ පතා සිටින බව වාර්තා වේ.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම උපුටා දක්වමින් පලාගිය පූජකවරයා අගෝස්තු 7 වන දින ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ලිපියක් ලියා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
නිත්‍යානන්ද එම ලිපියෙන් කියා ඇත්තේ තමාට ‘ක්ෂණික’ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවයි. ඔහු විසින් ආරම්භ කරන ලද ඊනියා දූපතක් වන ශ්‍රීකයිලාස ස්වෛරී රාජ්‍යයේ වෛද්‍ය යටිතල පහසුකම් නොමැතිකම පිළිබඳව ද ලිපියේ සඳහන් වේ. ඔහු පවසා ඇත්තේ තම රටට වෛද්‍ය යටිතල පහසුකම් නොමැති බවයි.
නිත්‍යානන්ද අසනීපයෙන් පසුවන බව ශ්‍රී ලංකා රජයේ ඉහළ පෙළේ මූලාශ්‍රයක් ඉන්දියා ටුඩේ වෙත තහවුරු කළේය.
ස්ත්‍රී දූෂණ චූදිත නිත්‍යානන්ද බරපතල ලෙස රෝගාතුරව සිටින බවත් ඔහුට ප්‍රතිකාර අවශ්‍ය බවත් ලිපියේ සඳහන් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
2022 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලියන ලද ලිපියක් ඉන්දියා ටුඩේ පුවත්පතට ලැබී තිබේ.
ශ්රීකයිලාසාගේ විදේශ අමාත්‍යවරයා යැයි කියා ගන්නා නිත්යප්රේමත්ම ආනන්ද ස්වාමි විසින් ලියන ලද ලිපියක, “හින්දු ආගමේ උත්තරීතර පූජක (SPH) ශුද්ධෝත්තම ශ්‍රී නිත්‍යානන්ද පරමසිවම් මහතා බරපතල වෛද්‍ය ගැටලුවක් හේතුවෙන් ක්ෂණික ප්‍රතිකාර අවශ්‍ය වේ. කෛලාසයේ දැනට පවතින වෛද්‍ය පහසුකම් භාවිතා කිරීමෙන් පසු වෛද්‍යවරුන්ට තවමත් ඔහුගේ රෝගය හඳුනා ගැනීමට නොහැකි වී තිබේ’ යනුවෙන් සදහන්ව ඇත.
2018 නොවැම්බර් මාසයේදී නිත්‍යානන්ද ඉන්දියාවෙන් පලා ගොස් ඇත්තේ ගුජරාට් පොලිසිය විසින් ඔහුගේ ගෝලයන් දෙදෙනෙකු පැහැරගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමෙන් පසුව බව දැනගන්නට ඇත. නිත්‍යානන්දට චෝදනා එල්ල වූයේ දරුවන්ගේ මුහුණු යොදා ගනිමින් අරමුදල් රැස් කිරීම සම්බන්ධයෙන් ය. නිත්‍යානන්දට එරෙහිව කර්නාටක ප්‍රාන්තයේ ස්ත්‍රී දූෂණ චෝදනා ද ගොනු විය. ඉන්පසුව හෙතෙම රට හැර ගියේය.
නිත්‍යානන්දට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනා ගොනු කර ඇත්තේ 2010 වසරේ ඔහුගේ හිටපු රියැදුරු ලෙනින් විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය. ඔහු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරිණි. නිත්‍යානන්ද තමිල්නාඩුවේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ සැබෑ නම රාජසේකරන් බව පැවසේ.
source – mawrata
PREVIOUS : චීන පෝර නැවේ පාඩුව නිළධාරීන්ගේ කරමතට! විගණකාධිපති වාර්තාවෙන් තොරතුරු රැසක් එළියට!
NEXT: කැනඩාවේ සිදුවූ පිහි ඇනුමකින් 10ක් මරුට – 15කට තුවාල

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාව ගැන නීතිඥ සංගමයෙන් දැඩි තීරණයක්
නීතිඥ සංගමයේ තීරණාත්මක රැස්වීමක් අද
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
හිටපු ඇමති රාජිතට අධි චෝදනා
වලානේ පොලිස් කොස්තාපල්වරයෙක් රාජකාරී ගිනි අවියෙන් සිය ජීවිත ඉරණම විසඳා ගනී
අදට යෙදෙන ඇසළ පුර පසළොස්වක පොහොයෙහි වැදගත්කම
ලක්ෂ 7කට වැඩි පඩියකට රජය හරහා රට යන්න අවස්ථාවක්! රැකියා අවස්ථා 10,000ක්!
කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්
“තාමත් හමුදාවට අණ දෙන්න මට පුළුවන්” – සරත් ෆොන්සේකා
ඔක්තෝබර් 01 සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය
ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකි වූ චරිත් අබේසිංහව යළි බන්ධනාගාරයට රැගෙන යයි