ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල පන්දුවාර 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පැමිණෙන්නට පාකිස්තාන ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් සමත්වී තිබෙනවා.
ඒ දින 1155ක් මෙම ලැයිස්තුවේ මුල් ස්ථානයේ වැජඹුණු පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර්
අසාම් දෙවැනි ස්ථානයට ඇද දමමින්.
මොහොමඩ් රිස්වාන් අයි.සී.සී. පිතිකරු ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ඉදිරියට පැමිණීමට මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔහු දැක්වූ දක්ෂතා මහෝපකාරී වී තිබෙනවා.
පාකිස්තාන කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් ආසියානු කුසලානයේ සුපිරි සිව් දෙනාගේ වටයේ තරගවලදී ඉන්දියාවට එරෙහිව ලකුණු 51 කින් ලකුණු 71ක් සහ පලමු වටයේ දී හොංකොං පිලට එරෙහිව පන්දු 57 කින් ලකුණු 78 නොදැවී ලබා ගැනීමත් සමග අයි.සී.සී. ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු 815 දක්වා ළඟා වීමට හැකි වී තිබෙනවා.
මොහොමඩ් රිස්වාන් මෙම පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණියේ
පළමු වරටයි.
ආසියානු කුසලානයේ තරග තුනකදී මොහොමඩ් රිස්වාන් මේ වන විට ලකුණු 192 ක් ලබා
සිටිනවා.
මීට අමතරව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ද මෙම තරගාවලියේ දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් වර්ගීකරණයේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණ අංක 8 ස්ථානයේ
රැඳී සිටිනවා.
ඔහු ඊයෙ ඉන්දියාව සමඟ පැවති තරගයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය කරන වේගවත් අඩිතාලම කුසල් මෙන්ඩිස් ගොඩ නැඟුවේ වේගවත් ලකුණු 52ක් රැස්කර ගනිමින්.
ඊට අමතරව ඔහු මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී පිළිවෙලින් අනෙක් තරග දෙකේදී ලකුණු 20 ක් සහ 35 රැස්කර ගත්තා.
මේ තරඟයේ දී පන්දු 37කදී ලකුණු 57ක් රැස්කර ගත් ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ද
ස්ථාන 63ක් ඉදිරියට පැමිණ නවතම ශ්‍රේණිගත කිරීමේ පසුවන්නේ 41 වැනි ස්ථානයේයි.
ශ්‍රී ලංකා නායක දසුන් ශානක ද ස්ථාන 11ක් ඉදිරියට පැමිණ මෙම ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේ 39 වැනි ස්ථානයේ පසුවනවා.
එමෙන්ම මැදපෙළ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ද 68 වැනි ස්ථානයට පැමිණ ඇත්තේ
ශ්‍රේණිගත කිරීම් ස්ථාන 31ක් ඉදිරියට පැමිණෙමින්.
ඊයේ ශ්‍රී ලංකාවට එරෙහි තරගයේ දී පන්දු 41 කින් ලකුණු 72 ක් රැස්කරගත් ඉන්දීය නායක රෝහිත් ෂර්මා ස්ථාන 4 කින් ඉහළට පැමින 13 වැනි ස්ථානයට පැමිණ ඇති අතර පාකිස්තානයට එරෙහිව පන්දු 44 කදී ලකුණු 60 ක් ලබා ගත් විරාත් කෝලි ද 29 වැනි ස්ථානය දක්වා ඉහළ ට පැමින තිබෙනවා.
මීට අමතරව ඇෆ්ගනිස්තානයේ 20 හැවිරිදි පිතිකරු රහමනුල්ලා ගුර්බාස් ස්ථාන 14 ක් ඉදිරියට පැමිණ මේ වනවිට පසුවන්නේ 15 වැනි ස්ථානයේයි.
එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පන්දුවාර විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පන්දු යවන්නන් අතරින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ ස්ථාන 5ක් ඉදිරියට පැමිණ අංක 8 වන ස්ථානයේ පසුවන අතර ඇෆ්ගනිස්තානයේ මුජීබ් උර් රහමන් ස්ථාන තුනක් ඉදිරියට ගොස් 6 වන ස්ථානයේ පසුවනවා.

ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්
උපාලි ධර්මදාසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්
ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් අහිමි වෙයි
“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා