රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප් බිල ගෙවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බවත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හේතුවෙන් මුදල් අච්චු ගැසීමටද නොහැකි බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
වාචික පිළිතුරැ අපේක්ෂාවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරැ ලබා දීමේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මේ අතර මාර්ග සංවර්ධන අධිකාරියේ අවසන් කළ ව්‍යාපෘති සඳහා රැපියල් බිලියන 100ට අධික ප්‍රමාණයක බිල්පත් ගෙවීමට තිබෙන බව සඳහන් කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,
” පවතින ආර්ථික අර්බුදයේ මාසිකව රජයේ වැටුප් බිල පවා ගෙවාගන්න ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නෑ අපි මේ සභාවේ කතා කළ යුතු ප්රශ්නය තමයි රාජ්‍ය ආදායම ඒ තරම් ඇනහිටීම කරැණු කොට ගෙන මේ වර්ශයේ අපිට විශාල ගෙවීම් ප්‍රමාණයක් තිබෙනවා ගෙවාගන්න බැරිව.
උදාහරණයක් වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ කරලා නිම වුණු වැඩ වලට මගේ ලග බිලි තියෙනවා බිලියන 100ට අධික ප්‍රමාණයක්. ඒ අය පත්වෙලා තිබෙන දුෂ්කරතාවය අපිට හොඳට තේරෙනවා. මොකද ණය වෙලා, බැංකු පොලී අරන් තමයි ඒ කොන්ත්‍රාත් අරන් තියෙන්නේ. කලින් ක්‍රමයට අච්චු ගහලා දෙන්නත් බෑ.
මොකද අපි මේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩ සටහනක් යනකොට අපිට මූල්‍ය වැරදුනා කිව්වොත් තවදුරටත් ඒ යෝජනා කරැණු වලට යන්න බැරි තත්ත්වයක් තියෙනවා. ” යනුවෙන් සඳහන් කළේය.

දියතලාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 42කට තුවාල!
මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝගය
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි
දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්
ඉන්ධන මිල අඩුවන දිනය
චරිත් අබේසිංහගේ සියලු තනතුරු අත්හිටුවයි
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන සංශෝධනය කරයි
විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්