ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ කලහකාරී තත්ත්වයකින් පුද්ගලයන් 127ක් පමණ පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
නැගෙනහිර ජාවා හි මලන්ග් රීජන්සි හිදී පැවති තරගයේදී Arema කණ්ඩායම ගෝල 3-2 කින් පරාජයට පත්වීමෙන් පසු Arema සහ Persebaya Surabaya හි ආධාරකරුවන් අතර ගැටුම හටගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ. මියගිය පිරිස අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද වන බව සඳහන්.
අධික තදබදය, පෑගීම සහ තෙරපීම හේතුවෙන් මරණ රැසක් සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
තුවාල ලැබූවන් සියයකට වඩා වැඩි වන අතර ඔවුන් විවිධ ප්‍රාදේශීය රෝහල් වෙත යොමු කර ඇති බව ද සඳහන්.
Arema කණ්ඩායම පරාජය වීමෙන් පසු දහස් ගණන් ක්‍රීඩා ලෝලීන් පිටියට කඩා වැදීමත් සමඟ ගැටුම ආරම්භ වූ බව වාර්තා වනවා.

හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්