මීරිගම, දංඕවිට ප්‍රදේශයේදී කොල්ලකරුවන් පිරිසකට පොලීසිය සිදුකළ වෙඩිතැබීමක් අතරතුර බසයක සිටි තරුණියක් වෙඩිවැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇය බෙන්තොට හඹුරුගල පදිංචි 29 හැවිරිදි කාන්තාවකි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, කොල්ලකරුවන් වෙත එල්ල කළ වෙඩිල්ලක් ඇයට වැදී ඇතැයි විශ්වාස කරන බවය.
එම වෙඩිතැබීමේ සිද්ධිය වී ඇත්තේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ මීරිගම දංඕවිට මංසන්ධියේදීය.
අද (02) අලුයම දෙකට පමණ පුද්ගලයන් කණ්ඩායමක් දංඕවිට ප්‍රදේශයේ තැබෑරුමක් කොල්ලකෑමට පැමිණ ඇතැයි ප්‍රදේශවාසීන් පොලීසියට දැනුම් දී තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් වහාම එතැනට ළඟා වී ඇති අතර එම අවස්ථාවේ කොල්ලකරුවන් උත්සාහ කර ඇත්තේ ඔවුන් පැමිණි මෝටර් රථයේ නැගී පළා යාමටය.
එහිදී පොලිස් නිලධාරීන් කෙල්ලකරුවන් වෙත වෙඩි තබා තිබේ.
කෙසේවෙතත් එම අවස්ථාවේ මාර්ගයේ ගමන් ගත් බස්රථයක සිටි කාන්තාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් ජීවිතක්ෂයට පත්වුණි.
වෙඩි වදින අවස්ථාවේ ශාමලී සිට ඇත්තේ කහටගස්දිගිලිය සිට කොළඹ දක්වා ගමන්ගනිමින් තිබූ බස් රථයක පිටුපස ආසනයේය.
ඇය ඉඳුරුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරමින් සිට ඇති අතර එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයක සංචාරක කළමනාකාරීත්වය පිළිබඳ උපාධිධාරිනියක් වේ.
මියගිය තරුණියගේ මව,
“අයියයි, අක්කයි එක්ක ගිහිල්ලා මේ පුජාවල් තියෙලා එන ගමන් තමයි ඊයේ රෑ මම වෙලාවක් දැන්නේ නැහැ. එකට දෙකට වගේ කිව්වේ. ඇවිල්ලා බස් එකේ සද්දයක් ඇහුණාලු හයියෙන්ම. බලනකොට නංගි වැටිලා. ලේ එනවා දැකලා. පොලීසියට ගිහිල්ලා වතුපිටිවල රෝහලට ඇතුළත් කළා කිව්වා.”
පොලිස් වෙඩි ප්‍රහාර අතරතුර කොල්ලකරුවන් පළා ගොස් ඔවුන් පැමිණි මෝටර් රථය එඬේරමුල්ල ප්‍රදේශයේ නිවසක දමා ගොස් තිබූ අතර පසුව එය පොලිසිය විසින් සොයාගනු ලැබීය.
කෙසේවෙතත් එම කොල්ලකරුවන් දෙදෙනෙකුට පොලිස් වෙඩි ප්‍රහාරවලින් තුවාල සිදුව තිබේ.
ඔවුන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් වීමෙන් පසු රෝහලෙන් ලැබුණු තොරතුරු මත පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
TRENDING – එයාල මගෙ ගේ ගිනි තිබ්බා… අධ්‍යක්ෂකවරුන්ට කන්‍යාභාවය දෙන නිලියෝ ඕන තරම් ඉන්නවා… – අනෝජා වීරසිංහ

රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිසට අධිකරණයෙන් දුන් නියෝගය
SF රාජුගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ ඇමති ලාල්ගෙන් රූපවාහිනී ආයතනයකට චෝදනා! මිලියන 10,000ක වන්දියක් ඉල්ලයි!
හිටපු පා.ම. සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්
ඉරානය යළි හෝමූස් සන්ධිය වසා දැමීමට තීරණයක්
දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්