පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු පුහුණු තරගය පැවැත්වීමට නියමිතව තිබූ දිනය එක් දිනකින් වෙනස් කර තිබෙනවා.
මීට පෙර ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කර තිබුණේ එම තරගය ඔක්තෝබර් 10 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත බවයි.
නමුත් සිම්බාබ්වේ කණ්ඩායම ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී ප්‍රමාදයක් සිදුව ඇති බැවින් තරගය ඔක්තෝබර් 11 වැනිදා දක්වා කල් දමා තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්තයට එරෙහිව මෙල්බර්න් හි Junction Oval ක්‍රීඩාංගනයේ දී සිය දෙවැනි පුහුණු තරගය ඔක්තෝබර් 13 වැනිදා ක්‍රීඩා කිරීමට නියමිතවය.
ලෝක කුසලාන තරගාවලියේ පළමු වටය සදහා ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, ඔක්තෝබර් 16 වැනිදා නැමීබියාවට එරෙහිවත්, ඔක්තෝබර් 18 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිවත්, ඔක්තෝබර් 20 වැනිදා නෙදර්ලන්තයට එරෙහිවත් ශ්‍රී ලංකාව තරග කිරීමට නියමිතව තිබෙනවා.

අද කාලගුණය
සංචාරක පැමිණීම පසු කළ කඩයිම
වෙසක් දන්සැල් ලියාපදිංචිය සඳුඳා සිට
සාපෙළ සිසුවෙක් දිය රකුසාට බිලි
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ හත් හැවිරිදි පුංචි වීරයා
අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණයට හේතුව හෙළිවෙයි
සජබය සහ එජාපය එක්වී හමාරයි – සජිත්ගෙන් ප්‍රකාශයක්
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි! ශ්‍රී ලංකාවට හිමි ස්ථානය මෙන්න!
තෙල් මිල යළිත් ඉහළට! ජනපති මැයි රැළියේදී පවසයි!
අද තද වැස්සක්
මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්