මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ සැකකටයුතු මරණය, තමා විසින්ම සිදු කරගන්නා ලද තුවාල හේතුවෙන් සිදු වූ සියදිවි හානි කර ගැනීමක් බව විශේෂ අධිකරණ වෛද්‍ය මණ්ඩලය තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ උපදෙස් මත අධිකරණ වෛද්‍ය විශේෂඥයන් සිව් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් මගින් අද (01) පස්වරුවේ කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදී.
මියගිය නිලධාරියාගේ අතක සහ පාදයක කැපුම් තුවාල තුනක් දක්නට ලැබුණු අතර, එම තුවාල ඔහු විසින්ම සිදු කරගත් ඒවා බව වෛද්‍ය නිගමනය වී ඇත.
මියගිය රංග රාජපක්ෂ මහතා මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් අතර වූවෙකි.
ඔහු ඊයේ (30) සිය නිවසේ ගෙවත්තේදී මියගොස් සිටියදී හමු වූ අතර, එම මරණය ඝාතනයක් ද යන්න පිළිබඳව මුලින් සැකයක් මතුව තිබුණි.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා