අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 119ක් ලබා ගනිමින් පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව ඇත.
මෙම ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන වෙනසක් සිදු කරමින් ඉන්දියාව සිව්වන ස්ථානයේ සිට තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. ඔවුන් ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 104කි.
දකුණු අප්‍රිකාව ද ප්‍රසාද ලකුණු 104ක් ලබාගෙන දෙවන ස්ථානය රැකගෙන සිටියද, දශම ලකුණු පදනම මත ඉන්දියාවට වඩා ඉදිරියෙන් පසුවේ. මීට පෙර තෙවන ස්ථානයේ පසු වූ එංගලන්තය ප්‍රසාද ලකුණු 102ක් සමඟින් සිව්වන ස්ථානය දක්වා පසුබැස තිබේ.
පසුගිය කාලසීමාවේ ක්‍රීඩා කළ ටෙස්ට් තරගාවලිවල ප්‍රතිඵල මත ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 86ක් ලබා ගනිමින් ශ්‍රේණිගත කිරීම්වල 07 වන ස්ථානය දක්වා පසුබැස ඇත. නවසීලන්තය 05 වන ස්ථානයේත්, පාකිස්තානය 06 වන ස්ථානයේත් පසුවේ.
ශ්‍රේණිගත කිරීම්වල අවසන් ස්ථාන පිළිවෙළින් බංග්ලාදේශය (08), බටහිර ඉන්දීය කොදෙව් (09), අයර්ලන්තය (10), සිම්බාබ්වේ (11) සහ ඇෆ්ගනිස්ථානය (12) විසින් හිමිකරගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ හත් හැවිරිදි පුංචි වීරයා
අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණයට හේතුව හෙළිවෙයි
සජබය සහ එජාපය එක්වී හමාරයි – සජිත්ගෙන් ප්‍රකාශයක්
තෙල් මිල යළිත් ඉහළට! ජනපති මැයි රැළියේදී පවසයි!
අද තද වැස්සක්
මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
ඩොලරයට සාපේක්ෂව ශ්‍රී රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
අද කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්
විස්සයි20 සටනේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ සහකාර අධ්යක්ෂවරයා අබිරහස් ලෙස මරුට
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ලෙස පත්වීම ගැන ඉරාන්ගෙන් විශේෂ ප්‍රකාශයක්