Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිරු ටීවි ආයතනයට සහ සේවකයින්ට ආරක්ෂාව ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ  පළවන ලිපියෙහි ඇත්ත නැත්ත මෙන්න

2 hours ago

සමාජයේ මේ දිනවල කතා බහට ලක්වන පුවතක් වූ අමාත්‍ය ලාල් කාන්තගේ වතක්ම් බැරකම් ප්‍රකාශයේ වටිනාකම නොමග යන අන්දමින් වාර්තා කළ බවට හිරු මාධ්‍ය ආයතනයට චෝදනා එල්ල වනු ලබනවා. මේ අතර සමාජ විරෝධයක් මෙම ආයතනයට එල්ල වන බව පෙන්වමින් ඒ සඳහා හිරු ටීවි ආයතනය සහ සේවකයින්ට ආරක්ෂාව සපයන ලෙස කළ ඉල්ලීමක ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන අතර ඒ පිළිබඳ අප සිදු කරන ලද කරුණු පරීක්ෂාවක් මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

හිරු මාධ්‍ය ආයතනයට පොලිස් ආරක්ෂාව ලබා ගැනීම වෙනුවෙනි” යන මෙයින් පොලිස්පතිට ඉල්ලීමක් කරමින් ලිපියක් යොමු කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ලිපියක් හුවමාරු වූයේ, හිරු මාධ්‍ය ජාලයේ, නිල ලිපි ආකෘතිය ද සහිතවයි.

මෙම ලිපිය ඊයේ(19) වන දින හිරු ටී වී නියෝජ්‍ය ප්‍රවෘත්ති අධක්ෂ තරංග ජයකොඩි විසින් යොමු කළ ලිපියක් බව දැක්වෙන අතර එහි සඳහන් වන්නේ, 

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් හිරු පුවත් වාර්තා කිරීම සහ HSBC බැංකුවේ විධායක නිලධාරියා විසින් බොරතෙල් බැරලයක මිල සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදු කළ වාර්තා කිරීම පිළිබඳ ජනතා විරෝධයක් මතුව ඇතිබව ත්, ඒ හේතුවෙන් මේ වන විට හිරු ප්‍රවෘත්ති අංශයේ සේවය කරන වාර්තා කරුවන්ගේ සිට විධායක නිලධාරීන් දක්වා දිගින් දිගටම මරණීය තර්ජන ලැබෙමින් පවතින බව ත්, හිරු ප්‍රවෘත්ති ආයතයට පහරදීමක් සඳහා සුදානම් වන බවටද තොරතුරු ලැබෙමින් පවතින බවයි.

රටේ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් හිරු ප්‍රවෘත්ති ආයතනයට සහ මරණ තර්ජන ලැබ සිටින නිලධාරීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන මෙන් පොලිස්පති තුමාගෙන් ඉල්ලීමක් කරන බව එම එහි වැඩිදුරටත් දැක්වේ.

එම ලිපිය පහතින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මෙලෙසින් හිරු ටීවි මාධ්‍ය ආයතනයට හෝ සේවකයින්ට ආරක්ෂාව සලසාලෙද ලෙස පොලිස්පතිට ඉල්ලීමක් කර ඇති බවට වෙනත් කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් හෝ  කිසිදු  සමාජ මාධ්‍ය ගිණුමක, පිටුවක පළ වී නොමැති බැවින් අප මේ පිළිබඳව අදාළ පාර්ශවයන් සම්බන්ධ කර ගනු ලැබුවා.

ABC මාධ්‍ය ජාලය

ABC මාධ්‍ය ජාලයේ ඉහළ කළමණාකාරීත්වයෙන් අප කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේ, හිරු ටීවි විසින් හෝ එම මාධ්‍ය ජාලය විසින් හෝ ආයතනයට මෙන් ම ආයතනයේ සේවකයන්ට පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස පොලිස්පතිගෙන් ඉල්ලීමක් ලිඛිතව හෝ වාචිකව හෝ සිදු නොකළ බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ලිපිය ABC මාධ්‍ය ජාලයේ නිල ලිපි ශීර්ෂය අවභාවිත කරමින් ව්‍යාජ ලෙස සකසා ඇති ලිපියක් බව සඳහන් කරනු ලබනවා. එමෙන් ම මෙම ලිපිය අසත්‍ය බවට හිරු ටී වී නියෝජ්‍ය ප්‍රවෘත්ති අධක්ෂ තරංග ජයකොඩිගේ අත්සනින්න යුත් ලිපියක් ද, ඔවුන් අප වෙත යොමු කරනු ලැබුවා.

මධ්‍යම පළාත් විමර්ශන කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති

මධ්‍යම පළාත් විමර්ශන කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති  රොෂාන් ඩයස් මහතාගෙන් අප මේ පිළිබඳව විමසීමක් කළ අතර, ඒ මහතා සඳහන් කළේ, එවැනි ලිපියක් ලැබුණේ, නම් ඒ පිළිබඳ අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කිරීම් සිදු කර අදාළ පියවරයන් ගන්නා බවයි. දිනකට ලිපි දස දහස් ගණනක් පොලිස් මූලස්ථානයට ලිපි වශයෙන් සහ විද්‍යුත් ලිපි මගින් ලැබෙන බව ත්, ඒවා පරීක්ෂා බලා අදාළ පියවරන් ගන්නා බවයි. මෙතෙක් එවැනි ලිපියක් ලැබුණු බවට තොරතුර් නොමැති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ පෙඩ්රික් උදය කුමාර වුට්ලර් මහතාගෙන් ද, අප වැඩිදුරටත් මේ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා විමසා සිටි අතර ඒ මහතා ද, පැවසුවේ, හිරු මාධ්‍ය ජාලය විසින් ආරක්ෂාව ඉල්ලා ලිපියක් ලැබුණු බවට පොලිස් මාධ්‍ය කොට්ඨාශයට වාර්තා නොවූ බවයි. එලෙසින් ලිපියක් ලැබුණේ නම් ඒ පිළිබඳ වාර්තා වන බව ත්, ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ඒ අනුව පැහැදිලි වන්නේ, මෙය ව්‍යාජ ලෙස සකසා ඇති ලිපියක් බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *