අද (01) දිනයේදී මෙරට ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETCO) නිවේදනය කරයි.
ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මිල සූත්‍රයට අනුව සිදු විය යුතු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ඉදිරි දිනකදී ප්‍රකාශයට පත් කරන බවයි.
සාමාන්‍යයෙන් සෑම මසකම පළමුවැනිදා සිදු කෙරෙන මෙම සංශෝධනය මෙවර පමා වීමට හේතුව මෙතෙක් අනාවරණය කර නොමැත.
අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය වූයේ පසුගිය මාර්තු 21 වනදාය. එදින සිට ක්‍රියාත්මක වන පරිදි දැනට පවතින මිල ගණන් පහත පරිදි වේ:
- ඔක්ටේන් 92 පෙට්‍රල්: රුපියල් 398.00 (රු. 81කින් ඉහළ ගියේය)
- ඔක්ටේන් 95 පෙට්‍රල්: රුපියල් 455.00 (රු. 90කින් ඉහළ ගියේය)
- ඔටෝ ඩීසල්: රුපියල් 382.00 (රු. 79කින් ඉහළ ගියේය)
- සුපිරි ඩීසල්: රුපියල් 443.00 (රු. 90කින් ඉහළ ගියේය)
- භූමිතෙල්: රුපියල් 255.00 (රු. 60කින් ඉහළ ගියේය)

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා