එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා සංවිධානය කරනු ලබන දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු එළැඹෙන සඳුඳා (04) සිට ආරම්භ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පියවර ගෙන තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ, දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් මෙම ලියාපදිංචි කිරීම් සිදුකෙරෙන බවයි.
දන්සැලක් පැවැත්වීමට අපේක්ෂා කරන සංවිධායකයන් තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී අදාළ ලියාපදිංචිය සිදුකර ගත යුතු අතර, ඒ සඳහා අවශ්‍ය වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ද සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇත.
මෙවර මැයි මාසය තුළ පසළොස්වක පොහෝ දින දෙකක් යෙදී ඇති අතර ඉන් ඊයේ (01) දින යෙදුණු පොහොය ‘අධි වෙසක් පොහොය’ ලෙස හැඳින්වේ. ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ උපදෙස් මත සැබෑ වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට රජය තීරණය කර ඇත. එහෙත් ඊයේ (01) දිනයේද දිවයින පුරා ලියාපදිංචි දන්සැල් 382ක් පවත්වා ඇති බව චමිල් මුතුකුඩ මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

අද කාලගුණය
සංචාරක පැමිණීම පසු කළ කඩයිම
සාපෙළ සිසුවෙක් දිය රකුසාට බිලි
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ හත් හැවිරිදි පුංචි වීරයා
අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණයට හේතුව හෙළිවෙයි
සජබය සහ එජාපය එක්වී හමාරයි – සජිත්ගෙන් ප්‍රකාශයක්
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි! ශ්‍රී ලංකාවට හිමි ස්ථානය මෙන්න!
තෙල් මිල යළිත් ඉහළට! ජනපති මැයි රැළියේදී පවසයි!
අද තද වැස්සක්
මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්