මෙරට නියෝජනය කරමින් ඉන්දුනීසියාවේ පැවැත්වෙන මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් නම් තරඟයට ඉදිරිපත්වීම සඳහා සූදානම් කරගෙන සිටි ඇඳුමෙහි බර වැඩිවීම නිසා එය රැගෙන යාමට තමන්ට කටුනායක ගුවන් තොටුපළේදී ඉඩනොදුන් බව මෙරට නිරූපිකාවක් වන නිහාරි පෙරේරා පවස සිටියේය.
ඇය රැගෙන ගොස් ඇති ඇඳුමෙහි බර කිලෝ ග්‍රෑම් 27කි. එම ඇඳුම මෙම තරගාවලියේ ඇය ඉදිරිපත් කිරීමට නියමිත සංස්කෘතික අංගය සඳහා නිර්මාණය කර ඇති එකකි.
ඒ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දක්වා සිටි ඇය වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළාය.
“මේ මගේ නැෂනල් කොස්ටියුම් එක, මේක තමයි වැදගත්ම එක. මේක ගෙනියන්න බැරි වුණේ ගුවන්තොටුපළෙන් තියලා යන්න කිව්ව නිසා. මගේ බෑග් සේරම බර තිබුණේ කිලෝ හතළිහයි. නමුත් ගෙනියන්න දුන්නේ නැහැ මට වැදගත්ම එක. මට ගෙනියන්න තිබ්බ අමතර බෑග්වලටත් රුපියල් අසූදාහක් අමතරව ගෙවන්න වුණා මට. අන්තිමට මම ආවේ මේ තරගයට ඉන්දුනීසියාවට මගේ වැදගත්ම ඇඳුම් නිර්මාණය ලංකාවේ දාලා. රට නියෝජනය කරන්න යන්න අවස්ථාවකටවත් සහයෝගයක් දෙන්නේ නැත්නම් ඒ ගැන කනගාටුවක් තියෙනවා. මට විතරක් නෙමේ තව අයට මෙහෙම වෙලා තියෙනවා. රජයෙන් කිසිම සහයක් නැහැ මෙවැනි තරගවලට යන අයට’’
ඉන්දුනීසියාවේ පැවැත්වෙන මෙම “මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල්” තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ දස වන වරට වන අතර ඒ සඳහා රටවල් 68 ක් නියෝජනය කරමින් තරගකාරියන් සහභාගි වෙයි.
තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ඔක්තොම්බර් 25 වැනිදාය. මෙවැනි රූ රැජිණ තරගවලදී රට නියෝජනය කරන ඇඳුමින් සැරසී කරන ඉදිරිපත් කිරීම එම තරගාවලියේදී ඉතා වැදගත් අංගයක් වේ.

(අරුණ – අශිකා ජයවීර)

වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක්! පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්!
දෙවුන්දර දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ධුරය සම්පත් කිරිගේට
රටම කැළඹූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන වැඩසටහන ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමි කළ ඉල්ලීම
බියකින් හෝ අවිශ්වාසයකින් තොරව ලංකාවේ ආයෝජනය කරන්න! අශෝක රන්වල ජපන් බසින් විදේශ ආයෝජකයන්ට කළ ඇරයුම!
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
රාජ්‍ය සේවක වැටුප් සඳහා වසරකට රුපියල් බිලියන 900ක්
නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිදා ගැන කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම පහත වැටෙයි
ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම පවතින රෝගයක් ගැන අනාවරණයක්
අද දවසේ කාලගුණයේ සිදුවන වෙනස
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 223 දෙනෙකුට නව පත්වීම්! වෛද්‍යවරුන් 1,600ක් මේ මාසය අවසන් වීමට පෙර බඳවා ගැනේ!
රයිස් සහ කොත්තු සහ කෙටි කෑමවල මිල ඉහළට