නිවසක් කොල්ලකෑ දෙදෙනෙක් නිවසේ කිසිවෙකුත් නොමැති හෙයින් එහි විවේක ගැනීමත් සමග පසුදින නිවෙස්හිමියා පැමිණෙන තෙක් නින්දයෑමේ සිද්ධියක් වාර්තා විය.
යාපනය, වට්ටුක්කෝට්ටෙයි පොලිස් වසමට අයත් මූලෙයි – වේරම් ප්‍රදේශයේ නිවසක් තුළ මෙම සිද්ධිය සිදුවී තිබේ.
සොරකම් කිරීම සඳහා එම නිවසට ඇතුළුවූ කොල්ලකරුවන් එහි කිසිඳු පුද්ගලයෙක් නොමැති බව දැනගැනීමෙන් අනතුරු නිවසේ ආහාර පිසිමින් සහ විවේක ගනිමින් කාලය ගතකර ඇත.
පසුව ඔවුන් මත්පැන් පානයකර ඇති අතර ඒ හේතුවෙන් පසුදින අලුයම වනතෙක් ඔවුන්ට නින්දගොස් තිබේ.
ඒ අනුව අද (26) උදෑසන නිවෙස්හිමියා නිවසට පැමිණීමෙන් පසු නිවෙස තුළ නිදාසිටින කොල්ලකරුවන් දැක ඇත.
පසුව ඔහු අසල්වාසීන්ගේ උදව් ඉල්ලීමත් සමග කොල්ලකරුවන් නිවසෙන් පැනගොස් ඇති අතර එහිදී එක් කොල්ලකරුවෙකුව ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන තිබේ.
සැකකරුව පොලීසියට භාරදීමෙන් අනතුරුව ඔහුගේ අනන්‍යතාව හෙළිකරගෙන ඇති අතර සැකකරු මූලෙයි – වේරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පළාගිය අනෙක් පුද්ගලයා සුන්නාගම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද හෙළිවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.
-adaderana-

ගුරු විභාගය සාර්ථකව අවසන්! පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව මෙන්න!
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පිළිබඳව ජනපති කළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
වැසි තත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දින වකවානු පිළිබඳව ඉඟියක්
රන් ණය සහ උකස් පහසුකම් සඳහා මහ බැංකුවෙන් සීමා පනවයි
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණය සහ ලීසිං සඳහා නව සීමාවන් පනවයි
පෙට්‍රල් දමා බිරිඳට ගිනි තැබූ නරුම සැමියා කළ පාපොච්චාරණය
අවස්ථාවක් ලැබුණොත් අද වුණත් රට භාරගන්න සූදානම් – දිලිත්
ශ්‍රී ලංකාව පරදා හොංකොං පිල ලැබූ රග්බි ජය
දුම්රිය එන්ජිමක් පීලි පනී
මහනුවර මහල් හයකින් යුත් ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී දෙදෙනෙකු තුවාල
සජිත්ගෙන්, ජනපති අනුරට විශේෂ දුරකථන ඇමතුමක්