ගැබිණි බිරිඳ ඔත්තු බලමින් සිටියදී පානදුර උතුර දිග්ගල පරාක්‍රම මාවත නිවසකින් රන් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු සහ එම කාන්තාව අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය තෙමස් ගැබිනියක් බව පොලීසිය සදහන් කරයි.
සැකකාර යුවළගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරාගත් ලක්ෂ 4 ක පමණ වටිනාකමින් යුත් රන් මාලයක් පංචායුධයක්,මුදු තුනක් සහ පෙන්ඩනයක් මෙම හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 5 කට අධික ප්‍රමාණයක් පොලිසිය භාරයට ගෙන ඇත.
රන් භාණ්ඩ සොරා ගත් නිවසේ කාන්තාව සිය දරුවා ගැනීම සඳහා පාසලට ගිය අවස්ථාවේදී වත්තට ඇතුළු ව තිබූ සැකකරු ජනේලයක් කඩා නිවසට ඇතුළු වි රන් භාණ්ඩ සොරා ගැනීමෙන් අනතුරුව පිටුපස දොරින් පිටවී තිබූ බව පොලිසිය පවසයි.
hits – නිවසක් කොල්ලකා විවේක ගත් සොරුන්ට එළිවෙන තුරු නින්ද ගිහින්
එම අවස්ථාවේදී මාර්ගය අසල රැඳී සිටිමින් නිවස වෙත කිසියම් වූ අයෙකු පැමිණෙන වා දැයි ඔත්තු බලා ඇත්තේ සැකකාර ගැබිනි කාන්තාව බව පොලිසිය පවසයි.
සොරාගත් රන් භාණ්ඩ මොරටුව උකස් මධ්‍යස්ථානයකට සහ තවත් පුද්ගලයන් කීප දෙනකුට උකස් කර තිබියදී සැකකාර යුවළගේ ප්‍රකාශ මත සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
සැකකාර පුද්ගලයා මීට පෙර ද සොරකම් කීපයකට සම්බන්ධ වූවෙක් බවත් පොලිසිය පවසයි.
අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි ව තිබූ සැකකරු සොරාගත් භාණ්ඩ විකුණා මත්ද්‍රව්‍ය පානය කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
23 හා 25 පසුවන සැකකාර අඹුසැමි යුවළ පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ – අරුණ)
hits – පැති හතරේ වේලාවන් හතරක් ඇති අරුම පුදුම ඔරලෝසු කණුව

ගුරු විභාගය සාර්ථකව අවසන්! පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව මෙන්න!
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පිළිබඳව ජනපති කළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
වැසි තත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දින වකවානු පිළිබඳව ඉඟියක්
රන් ණය සහ උකස් පහසුකම් සඳහා මහ බැංකුවෙන් සීමා පනවයි
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණය සහ ලීසිං සඳහා නව සීමාවන් පනවයි
පෙට්‍රල් දමා බිරිඳට ගිනි තැබූ නරුම සැමියා කළ පාපොච්චාරණය
අවස්ථාවක් ලැබුණොත් අද වුණත් රට භාරගන්න සූදානම් – දිලිත්
ශ්‍රී ලංකාව පරදා හොංකොං පිල ලැබූ රග්බි ජය
දුම්රිය එන්ජිමක් පීලි පනී
මහනුවර මහල් හයකින් යුත් ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී දෙදෙනෙකු තුවාල
සජිත්ගෙන්, ජනපති අනුරට විශේෂ දුරකථන ඇමතුමක්