මැදපෙරදිග කලාපය දැවැන්ත යුද ගින්නකට ඇද දමමින්, අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානය ඇතුළු රටවල් කිහිපයක සිදුව ඇති දැවැන්ත ජීවිත හානි සහ විනාශය පිළිබඳ පුවත් වාර්තාව මෙසේය:
පසුගිය සෙනසුරාදා ආරම්භ වූ දරුණු යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ නගර 131ක් ඉලක්ක කර ගනිමින් අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාර එල්ල වී ඇති අතර, ඉන් පුද්ගලයින් 550කට අධික පිරිසක් මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන් කරන්නේ බාලිකා ප්‍රාථමික පාසලකට එල්ල වූ එක් ප්‍රහාරයකින් පමණක් අවම වශයෙන් පුද්ගලයින් 165 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් බෙයිගි මහතා පවසන පරිදි ප්‍රහාර හමුවේ රෝහල් නවයකට (09) බරපතල හානි සිදුව ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් රැසක් තුවාල ලබා තිබේ. මේ අතර, මෙම ප්‍රහාරවලින් ඉරානයේ රැඳී සිටි චීන ජාතිකයෙකු ද මියගොස් ඇති බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කරයි.
කලාපීය වශයෙන් ව්‍යාප්ත වී ඇති මෙම යුද්ධයේ අනෙකුත් ජීවිත හානි මෙසේය:
- ඊශ්‍රායලය: හිස්බුල්ලා සහ ඉරාන ප්රතිප්රහාරවලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
- ලෙබනනය: දකුණු ලෙබනනයට සහ බේරූට් වෙත එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් තිබේ.
- එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE): ඉරාන පළිගැනීමේ ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇත.
- බහරේනය: සල්මන් කාර්මික නගරයේ විදේශීය නෞකාවක ඇති වූ ගින්නකින් එක් අයෙකු මියගොස් තිබේ.
- කුවේටය: අමෙරිකානු මධ්‍යම අණදෙන නිලධාරියාට අනුව එහි සිටි අමෙරිකානු සේවා සාමාජිකයින් තිදෙනෙකු මියගොස් ඇත.

වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක්! පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්!
දෙවුන්දර දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ධුරය සම්පත් කිරිගේට
රටම කැළඹූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන වැඩසටහන ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමි කළ ඉල්ලීම
බියකින් හෝ අවිශ්වාසයකින් තොරව ලංකාවේ ආයෝජනය කරන්න! අශෝක රන්වල ජපන් බසින් විදේශ ආයෝජකයන්ට කළ ඇරයුම!
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
රාජ්‍ය සේවක වැටුප් සඳහා වසරකට රුපියල් බිලියන 900ක්
නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිදා ගැන කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම පහත වැටෙයි
ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම පවතින රෝගයක් ගැන අනාවරණයක්
අද දවසේ කාලගුණයේ සිදුවන වෙනස
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 223 දෙනෙකුට නව පත්වීම්! වෛද්‍යවරුන් 1,600ක් මේ මාසය අවසන් වීමට පෙර බඳවා ගැනේ!
රයිස් සහ කොත්තු සහ කෙටි කෑමවල මිල ඉහළට