තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ චීවරධාරීන් 22දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම චීවරධාරීන් අද (02) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එළැඹෙන 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.
මෙම චීවරධාරීන් ඉකුත් අප්‍රේල් 25 වෙනිදා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපොළේදී ‘කුෂ්’ සහ ‘හෑෂ්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමග අත්අඩංගුවට ගනු ලැබීය.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූයේ අමිතානන්ද නම් චීවරධාරියෙකු විසින් මෙම නීතිවිරෝධී ක්‍රියාව මෙහෙයවා ඇති බවය.
ඒ අනුව එම චීවරධාරියා ගම්පහ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, එම චීවරධාරියා හෙට (3) අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසීය.
එම චීවරධාරියාගේ මෙහෙයවීමෙන් මින්පෙර අවස්ථාවකදී ද මත්ද්‍රව්‍ය මෙරටට රැගෙනවිත් ඇති බවද මේ වනවිට අනාවරණ වී ඇත.
ඒ අනුව ඊට ආධාර අනුබල දුන් අයෙකුවද පොලීසිය විසින් අතුරුගිරිය ප්‍රදේශයේදී මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සැකකරුවන් දින 7ක කාලයක් රඳවාගෙන විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව මෙලෙස අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

කොළඹ උද්ධමනයේ දැවැන්ත වැඩිවීමක්
කෙසෙල්ගමුඔයට පැන්න පුද්ගලයාගේ මළසිරුර සොයා ගැනේ
හෙට සිට කොළඹ අවට විශේෂ රථ වාහන සැලැස්මක්
සියදිවි හානිකරගත් මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අවසන් කටයුතු සිදුකෙරේ
මහින්දානන්ද පදනමේ දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට
දිස්ත්‍රික්ක 17කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
අද කාලගුණය
සංචාරක පැමිණීම පසු කළ කඩයිම
වෙසක් දන්සැල් ලියාපදිංචිය සඳුඳා සිට
සාපෙළ සිසුවෙක් දිය රකුසාට බිලි
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ හත් හැවිරිදි පුංචි වීරයා