සැප්තැම්බර් මාසය වනතුරු විදුලිය ගාස්තු ඉහළ දැමීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදු නොකරන බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අරුණ කරුණාතිලක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (21) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
අවසන්වරට සිදුකළ විදුලිය ගාස්තු සංශෝධනයේ ඍජු බලපෑම එ්කක 180ට වැඩියෙන් භාවිත කරන පාරිභෝගිකයන්ට එල්ල වන බව ඔහු එහිදී යළිත් පෙන්වා දුන්නේය.
සෙසු පාරිභෝගිකයින් සඳහා වන රුපියල් බිලියන 15ක සහනාධාරයක් ආණ්ඩුව විසින් ලබාදී ඇති බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
“ඔබතුමා විශේෂයෙන් අහන්නේ, ඩොලරයේ ඉහළයාමත් විශේෂයෙන් මැදපෙරදිග අර්බුදයත් සමඟ ඇති වුණ තත්ත්වය තුළ තවදුරටත් විදුලිබිල ඉහළ යයි ද කියන එක. නමුත් අපි ඉතා පැහැදිලිව සඳහන් කළා, මේ මිල ඉහළ යනකොට මේකේ ඍජු බලපෑම තියෙන්නේ, ඒකක 180ට වඩා වැඩියෙන් භාවිත කරන විදුලි පාරිභෝගිකයින්ට පමණයි. අනිත් අයගේ බර රජය විසින් බිලියන 15ක් NSO එකට දීලා ඒක දරාගෙන තියෙනවා. මට ඍජු පිළිතුරක් හැටියට කියන්න පුළුවන්. සැප්තැම්බර් මාසය වනතුරු විදුලිබිල ඉහළ දාන්න අපි මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.”

බාලවයස්කාර සිසුවෙකු පැදවූ කැබ් රථයක ගැටී 14 හැවිරිදි දැරියකට පාදයක් අහිමි වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කෙරේ! සභාපති ධුරය කපිල විජේගුණවර්ධනට!
සිසිල් බීම දන්සැල් වෙනුවට උණුසුම් පාන වර්ග පිරිනමන දන්සැල් සංවිධාන කරන්නැයි ඉල්ලීමක්
චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම කල් තබයි
රටම කළඹපු අනුරපුරේ දැරියගේ සිද්ධිය ගැන දිලුම් අමුණුගම කට අරියි
ඩොලර් එක වැඩිවීමෙන් බස් ගාස්තු වැඩි විය හැකියි – ගැමුණු විජේරත්න
විමල්ගේ නඩුවක් කල් යයි
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පරාසයන් ප්‍රකාශයට පත් කරයි
Mein Schief 6 නෞකාව කොළඹ වරායට
දිලුම් අමුණුගමව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක්
ජාතික කලා භවනේ පෞරාණික චිත්‍ර 42ක් අතුරුදන්