ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් අත්සන් කර ඇති ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අභියාචනාධිකරණය විසින් කල් තබා තිබෙනවා.
මෙම පෙත්සමේ තීන්දුව අද (21) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
එහෙත් විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ එම නඩු තීන්දුව මෙතෙක් සූදානම් නොමැති බැවින් එය ප්‍රකාශයට පත් කිරීම කල් තබන බවයි.
පෙත්සම්කරුවන් පවසා තිබෙන්නේ තමන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් බවත් ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයින් නොවන බවයි.
එසේ තිබියදී තමන් එම ආයතනයේ ස්ථිර සේවකයන් ලෙස සලකා රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවට ප්‍රකාශ කර එම තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් විසින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිට තිබෙනවා.

බාලවයස්කාර සිසුවෙකු පැදවූ කැබ් රථයක ගැටී 14 හැවිරිදි දැරියකට පාදයක් අහිමි වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කෙරේ! සභාපති ධුරය කපිල විජේගුණවර්ධනට!
සිසිල් බීම දන්සැල් වෙනුවට උණුසුම් පාන වර්ග පිරිනමන දන්සැල් සංවිධාන කරන්නැයි ඉල්ලීමක්
රටම කළඹපු අනුරපුරේ දැරියගේ සිද්ධිය ගැන දිලුම් අමුණුගම කට අරියි
ඩොලර් එක වැඩිවීමෙන් බස් ගාස්තු වැඩි විය හැකියි – ගැමුණු විජේරත්න
විමල්ගේ නඩුවක් කල් යයි
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පරාසයන් ප්‍රකාශයට පත් කරයි
Mein Schief 6 නෞකාව කොළඹ වරායට
දිලුම් අමුණුගමව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක්
ජාතික කලා භවනේ පෞරාණික චිත්‍ර 42ක් අතුරුදන්
2023න් පසු ඩොලරයේ විකුණුම් මිල පළමුවරට රුපියල් 350 පනී